ඇරත් මාගේ මුණුබුරන් හා දූවරුන් සිඹගැනීමට ඔබ මට ඉඩ නොහැරියෙහි ය. මෙසේ කිරීමෙන් ඔබ පිස්සෙකු මෙන් හැසිරී ඇත.
2 ලේකම් 16:9 - Sinhala New Revised Version 2018 මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය. Sinhala New Revised Version මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය. Sinhala Revised Old Version මක්නිසාද ස්වාමීන්වහන්සේ කෙරෙහි සම්පූර්ණ සිත් ඇත්තන්ට පිහිටවෙන පිණිස උන්වහන්සේගේ බලය පාමින්, උන්වහන්සේගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය. මේ ගැන නුඹ අණුවණ ලෙස ක්‍රියාකෙළෙහිය; මෙතැන් පටන් නුඹට විරුද්ධව යුද්ධ ඇතිවන්නේයයි කීවේය. |
ඇරත් මාගේ මුණුබුරන් හා දූවරුන් සිඹගැනීමට ඔබ මට ඉඩ නොහැරියෙහි ය. මෙසේ කිරීමෙන් ඔබ පිස්සෙකු මෙන් හැසිරී ඇත.
දාවිත් සෙනඟ ගණන් කළ පසු ඔහුගේ සිත ඔහුට දොස් තැබී ය. දාවිත් සමිඳාණන් වහන්සේට කතා කොට, “මම මේ දේ කිරීමෙන් බොහෝ සෙයින් පව් කෙළෙමි. දැන් සමිඳුනි ඔබේ මෙහෙකරුවාගේ අපරාධ පහ කළ මැනව; මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කී ය.
“අහෝ, සමිඳුනි, මා සැබෑකමිනුත්, සම්පූර්ණ සිතකිනුත් ඔබ ඉදිරියෙහි හැසිර ඔබේ ඇස් හමුයෙහි හරි දේ කළ බව සිහි කළ මැනව”යි අතිශයින් හැඬුවේ ය.
දාවිත් දෙවියන් වහන්සේට කතා කොට, “මම මේ දේ කිරීමෙන් බොහෝ සේ පව් කෙළෙමි. එහෙත්, දැන් ඔබේ මෙහෙකරුවාගේ අපරාධය පහකළ මැනව. මන්ද, මම බොහෝ අනුවණ ලෙස ක්‍රියා කෙළෙමි”යි කීවේ ය.
එහෙත්, ඉශ්රායෙල්වරුන් අතරෙන් ගිරිකුළු දේවාල පහ කරනු නොලැබුවේ ය. එසේ වුවත්, ආසාගේ සිත ඔහුගේ මුළු කාලයේ දී නිර්දෝෂිව තිබුණේ ය.
එවිට ආසා රජ දිවැසිවරයා කෙරෙහි කෝප වී ඔහු හිර ගෙයි දැමී ය. මන්ද, ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස් ව සිටි බැවිනි. එම කාලයේ ම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩා කෙළේ ය.
ඔහු ඔවුන්ට අණ කොට, “සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව විශ්වාසවන්තකමින් ද මුළු සිතින් ද මෙසේ කරන්න.
ඔබ යම් ස්ථානයක් ගැන, ‘මාගේ නාමය එහි තබන්නෙමි’යි වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ ඇස් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව.
එහෙත්, ජුදෙව්වරුන්ගේ දෙවියන් වහන්සේගේ ආරක්ෂා බැල්ම ඔවුන්ගේ ප්‍රජා මූලිකයන් කෙරෙහි වූ බැවින් දාරියුස්ට මේ සම්බන්ධයෙන් දන්වා යවා, ලියුමකින් පිළිතුරු ලැබෙන තුරු ඔව්හු ඔවුන්ගේ වැඩ නතර නොකළහ.
එතුමාණන්ගේ දෑස මිනිසුන්ගේ ක්‍රියා මාර්ගය දෙස ඇත. ඔවුන්ගේ හැම පියවරක් ම එතුමාණෝ දන්න සේක.
මිනිසාගේ සියලු ක්‍රියා මාර්ග සමිඳාණන් අබිමුවෙහි ඇත. ඔහුගේ සියලු මාවත් එතුමන්ගේ තියුණු බැල්මට ලක් වී ඇත.
උපකාර ලබන පිණිස මිසරයට යන අයට වන විපතක මහත! ඔව්හු අශ්වයන්, අශ්ව රථ සහ හේවායන් ඇති, සිව්රඟ හමුදා බලය කෙරෙහි විශ්වාසය තබති. එහෙත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වන සමිඳුන් කෙරෙහි ඔව්හු තමන්ගේ විශ්වාසය නොතබති; සමිඳුන්ගේ උපදෙස් නොසොයති.
ඔවුන් කරන සියලු දේ මට පෙනේ; කිසිවක් මාගෙන් සැඟවී නැත; ඔවුන්ගේ අයුතුකම් මාගේ ඇස් ඉදිරියෙන් සැඟවී නැත.
ඔබේ අදහස් උදාර ය; ඔබේ ක්‍රියා බලසම්පන්න ය; මිනිසුන් කරන සියලු දේ ඔබට පෙනෙන්නේ ය; ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන සේක.
ජෙරුසලම් ජනයෙනි, වීදිවල ඔබමොබ දුව ගොස් බලන්න; ප්‍රසිද්ධ තැන්වල සොයා දැනගන්න. යුක්තිය කරන, සත්‍යය සොයන එක ද මිනිසෙක් වත් ඇද්දැ යි සොයා බලන්න. එවැන්නෙක් ඇත්නම්, සමිඳාණන් වහන්සේ ජෙරුසලමට කමා වනු ඇත.
අහෝ සමිඳුනි, ඔබේ ඇස් සත්‍යය දෙස යොමු කරන සේක් ද? ඔබ ඔවුන්ට පහර දුන් සේක; එහෙත්, වේදනාව දැනුණේ නැත. ඔබ ඔවුන් තළා පෙළාදැමූ සේක. එහෙත්, ඔව්හු වැරදි නිවැරදි කරගත්තේ නැත. ඔව්හු තමන්ගේ සිත් පර්වතයකට වඩා දැඩි කරගෙන හැරී එන්නට අකමැති වූවෝ ය.
කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්‍රීති වන්නෝ ය.” දේව දූතයා මට කතා කොට, “පහන් සත නම් පොළොවේ සියලු දිශාවන් දකින සමිඳාණන් වහන්සේගේ ඇස් සත ය”යි කී ය.
එහෙත්, මම ඔබට කියමි, තමාගේ සහෝදරයා සමඟ කෝප වන කවරෙකු වුව ද ඔහු අධිකරණයට යටත් වනු ඇත. තමාගේ සහෝදරයාට ‘මෝඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් වනු ඇත; ‘ජඩයා’ කියා ගරහන කවරෙකු වුව ද ඔහු නිරා ගින්නට ගොදුරු වනු ඇත.
එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක.
අඥාන ගලාතිවරුනි, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන ලද වග ඔබගේ ඇස් ඉදිරියෙහි ප්‍රසිද්ධ ලෙස දක්වනු ලැබූ නමුත් ඔබ ඇස් බැන්දුමකින් මුළා කළෝ කවරහු ද?
උන් වහන්සේ කෙරෙන් සැඟවිය හැකි කිසිවක් මුළු විශ්වයේ ම නැත. උන් වහන්සේගේ ඇස් ඉදිරියෙහි සියල්ල වැස්මක් නැති ව විවෘත ව තිබේ. අප ගණන් දිය යුත්තේ උන් වහන්සේට ය.
මන්ද, ස්වාමීන්ගේ දෙනෙත් දමිටුන් දෙසටත්, දෙසවන් ඔවුන්ගේ යැදුම් දෙසටත් යොමා ඇත. එහෙත් ස්වාමීන්ගේ වත දුදනන්ට එරෙහි ව ඇත.”
එවිට සාමුවෙල් සාවුල්ට මෙසේ කීයේ ය: “ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ උන් වහන්සේගේ ආඥා ඔබ රක්ෂා කෙළේ නැත. ඔබ ඒවා රක්ෂා කෙළෙහි නම්, සමිඳාණන් වහන්සේ ඔබේ පරම්පරාවට ඉශ්රායෙල් කෙරෙහි සදහට ම රජකම් කරන්නට සලස්වන සේක.