Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 ලේකම් 6:20 - Sinhala New Revised Version 2018

20 ඔබ යම් ස්ථානයක් ගැන, ‘මාගේ නාමය එහි තබන්නෙමි’යි වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ ඇස් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඔබ යම් ස්ථානයක් ගැන, ‘මාගේ නාමය එහි තබන්නෙමි’යි වදාළ සේක් ද, ඒ ස්ථානය වන මේ මාලිගාව දෙස ඔබේ ඇස් දිවා රෑ දෙක්හි යොමු වී තිබේ වා! ඔබේ මෙහෙකරුවා මේ ස්ථානය දෙසට හැරී ඔප්පු කරන යාච්ඤාව ඇසුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඔබ යම් ස්ථානයක් ගැන–මාගේ නාමය එහි තබන්නෙමියි කීසේක්ද ඒ ස්ථානය වන මේ ගෘහය දෙස ඔබගේ ඇස් රෑ දාවල් ඇරී තිබේවා; මේ ස්ථානය දෙසට හැරී ඔබගේ මෙහෙකරුවා ඔප්පුකරන යාච්ඤාවද ඇසුව මැනව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 ලේකම් 6:20
17 හුවමාරු යොමු  

සමිඳාණෝ ඔබ රක්නා උත්තමයාණෝ ය. සමිඳාණෝ ඔබ දකුණත සිට ඔබට රැකවරණය දෙන සේක.


හිමිතුමාණන්ගේ දෙනෙත දමිටුන් දෙසට ද එතුමාණන්ගේ දෙසවන ඔවුන්ගේ කන්නලව්වට ද යොමා ඇත.


මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන් වහන්සේගේ මිනිස් බවෙහි ම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි.


ඔබේ මෙහෙකරුවන් වන ඉශ්රායෙල් සෙනඟ උදෙසා ඔබේ මෙහෙකරු මා දැනට රෑ දාවල් දෙක්හි ඔබ ඉදිරියෙහි ඔප්පු කරන යාච්ඤා අසන පිණිස ඔබේ කන් යොමා මා දෙස බැලුව මැනව. ඉශ්රායෙල් සෙනඟ වන අප ඔබට විරුද්ධ ව කළ පව් මම කියා සිටිමි. මාගේ පියාගේ වංශයේ අය ද මම ද පව් කෙළෙමු.


මන්ද, සමිඳාණන් වහන්සේ තමන් කෙරෙහි සම්පූර්ණ විශ්වාසය ඇති අයට පිහිට වන පිණිස උන් වහන්සේගේ බලය පාමින්, උන් වහන්සේගේ බැල්ම පොළොව මුළුල්ලෙහි සෑම තැන ම යොමු කරන සේක. මේ ගැන ඔබ අනුවණ ලෙස ක්‍රියා කෙළෙහි ය. මෙතැන් පටන් ඔබට විරුද්ධ ව යුද්ධ ඇති වන්නේ ය”යි කීවේ ය.


එහෙත්, මාගේ නාමයේ ගෞරවය රක්ෂා කරන ලෙස ජෙරුසලම ද මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රධානියා වන පිණිස දාවිත් ද තෝරා ගතිමි’යි වදාරා ස්වකීය හස්තයෙන් එය ඉෂ්ට කළ සේක.


සමිඳාණන් වහන්ස, ඔබේ කන යොමු කොට ඇසුව මැනව; සමිඳාණන් වහන්ස, ඔබේ ඇස් ඇර බැලුව මැනව; ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන පිණිස සෙනකෙරිබ් කියා එවූ වචන ඇසුව මැනව;


උන් වහන්සේ දුන් දේශයෙහි පොළොවේ සෑම පලදාවකින් නාඹුල් පල ගෙන, ඒවා පැසක දමා උන් වහන්සේ සිය නාමය පිහිටුවීමට තෝරාගන්න ස්ථානයට යා යුතු ය.


තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.


එහෙත්, මාගේ දෙවි සමිඳුනි, ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාව ද කන්නලව්ව ද සලකා, ඔබ ඉදිරියෙහි ඔබේ මෙහෙකරුවා ඔප්පු කරන ඉල්ලීම ද යාච්ඤාව ද ඇසුව මැනව.


දැන් ද මින් ඉදිරියට ද මේ ස්ථානයේ දී කරන යාච්ඤාවට මාගේ ඇස් ඇර, මාගේ කන් යොමු කරනු ලැබේ.


‘අප පිට යම් විපත්තියක් එනම්, යුද්ධයක් හෝ දඬුවමක් හෝ වසංගතයක් හෝ සාගතයක් හෝ පැමිණියොත්, ඔබේ මේ මාලිගාව ඔබේ නාමය දරන නිසා, අපි මේ මාලිගාවෙහි හා ඔබ ඉදිරියෙහි සිට අපේ දුකේ දී ඔබට යාච්ඤා කරන්නෙමු, එවිට ඔබ ඇහුම්කන් දී අප ගළවන සේකැ’යි කීවෝ ය.


සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද


‘මම මාගේ සෙනඟ මිසර දේශයෙන් ගෙනා දවසේ පටන් මාගේ නාමය එහි වන පිණිස මාලිගාවක් ගොඩනඟන්න සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් කිසි නුවරක් තෝරා නොගතිමි. මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන්ගේ අධිපතියා ව සිටින්න කිසි මනුෂ්‍යයෙකු ද තෝරා නොගතිමි.


“දැන්, මාගේ දෙවියන් වහන්ස, මේ ස්ථානයෙහි දී කරන යාච්ඤාවට ඔබේ ඇස් ඇරී, ඔබේ කන් යොමු වී තිබේ වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්