ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 සාමුවෙ 20:27 - Sinhala New Revised Version 2018

අමාවකට පසු දිනත්, දෙ වන දිනත් දාවිත්ගේ අසුන හිස් ව තිබිණි. සාවුල් තම පුත් ජොනතන්ට කතා කොට, “ජෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මන්දැ”යි ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අමාවකට පසු දිනත්, දෙ වන දිනත් දාවිත්ගේ අසුන හිස් ව තිබිණි. සාවුල් තම පුත් ජොනතන්ට කතා කොට, “ජෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මන්දැ”යි ඇසුවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අමාවකට පසුවදා වන දෙවෙනි දිනත් දාවිත්ගේ ඉඩම හිස්ව තිබුණේය. සාවුල් තමාගේ පුත්‍රවූ යොනාතාන්ට කථාකොට: යෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මක්නිසාදැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



1 සාමුවෙ 20:27
12 හුවමාරු යොමු  

මොහු වඩුවාගේ පුතා නොවේ ද? මොහුගේ මවගේ නම මරියා නොවේ ද? මොහුගේ සහෝදරයෝ ජාකොබ්, ජෝසෙප්, සීමොන් සහ ජූදස් නොවෙත් ද?


මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ, අනර්ඝ ජීවමාන ගලක් වැනි, උන් වහන්සේ වෙත පැමිණෙන්න.


“මම දාවිත් බිත්තියට ම ඇණ තබමි”යි සිතා ඔහු හෙල්ලය දාවිත් දෙසට දෙවරක් විසි කෙළේ ය. දාවිත් අහකට පැන බේරුණේ ය.


ඔවුන්ගේ ඇසින් දාවිත් බලන පිණිස සාවුල් නැවතත් සේවකයන් යවා, ඔහු මරා දැමීම පිණිස, “ඇඳ පිටින් ඔහු මා වෙත ගෙනෙන්නැ”යි කීවේ ය.


එහෙත්, සාවුල් ඒ දවසේ දී කිසිවක් කීවේ නැත. මන්ද, ‘යම් දෙයක් සිදු වීම හේතුකොටගෙන ඔහු කිසි සේත් පවිත්‍ර නැතැ’යි කල්පනා කළ බැවිනි.


ජොනතන් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “දාවිත් බෙත්ලෙහෙමට යන පිණිස බැගෑපත් ව මාගෙන් අවසර ඉල්ලමින්,


දාවිත් ජොනතන් අමතා මෙසේ කීවේ ය: “හෙට අමාවක බැවින් මා නොවරදවා ම රජ්ජුරුවන් සමඟ කෑම වැළඳිය යුතු ව තිබේ. එහෙත්, තුන් වන දා සවස වන තුරු කෙතේ සැඟවී සිටින්නට මට යන්නට ඉඩ දෙන්න.


නාබල් දාවිත්ගේ මෙහෙකරුවන්ට පිළිතුරු දෙමින්, “දාවිත් කවරෙක් ද? ජෙස්සේගේ පුත්‍රයා කවරෙක් ද? මේ කාලයේ තම තමන්ගේ ස්වාමීවරුන් වෙතින් පලා යන මෙහෙකරුවෝ බොහෝ වෙති.