Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 සාමුවෙ 20:26 - Sinhala New Revised Version 2018

26 එහෙත්, සාවුල් ඒ දවසේ දී කිසිවක් කීවේ නැත. මන්ද, ‘යම් දෙයක් සිදු වීම හේතුකොටගෙන ඔහු කිසි සේත් පවිත්‍ර නැතැ’යි කල්පනා කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එහෙත්, සාවුල් ඒ දවසේ දී කිසිවක් කීවේ නැත. මන්ද, ‘යම් දෙයක් සිදු වීම හේතුකොටගෙන ඔහු කිසි සේත් පවිත්‍ර නැතැ’යි කල්පනා කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 එහෙත් සාවුල් ඒ දවසේ කිසිවක් කීවේ නැත. මක්නිසාද: ඔහුට මොකක් නුමුත් වෙලාය, ඔහු පවිත්‍ර නැත; ඇත්තටම පවිත්‍ර නැතැයි ඔහු කල්පනා කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:26
11 හුවමාරු යොමු  

“පහත දක්වන සතුන් නිසා නුඹලා අපවිත්‍ර වන්නහු ය; උන්ගේ මළකුණු ස්පර්ශ කරන කවරෙක් නමුත්, ඔහු සවස දක්වා අපවිත්‍ර වේ.


පා සතරින් ඇවිදින සියලු වර්ගවල සතුන් අතර පතුල් තබා යන සතුන් අපවිත්‍ර ලෙස සැලකිය යුතු ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.


බඩගා යන සතුන් අතර මොවුහු නුඹලාට අපවිත්‍ර ය. උන්ගේ මළකුණු ස්පර්ශ කරන සෑම කෙනෙක් ම සවස දක්වා අපවිත්‍ර වේ.


යමෙකු ඒ මළ සතාගේ මස් කෑවොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටියි. තවද, යමෙකු උගේ මළකුණ උසුලාගෙන ගියොත්, ඔහු තම වස්ත්‍ර සෝදාගත යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ව සිටිනු ඇත.


යමෙකු එවැන්නෙකුගේ යහන ස්පර්ශ කළොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන, ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර යයි සැලකෙනු ඇත.


එලෙස ම යමෙකු එළිමහනේ කඩුවකින් මරාදැමූ කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ මිනිසෙකුගේ ඇටකටුවක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළොත් ඔහු දින හතකට අපවිත්‍ර ය.


සාමුවෙල් පිළිතුරු දෙමින්, “සාමදානයෙන් ය; සමිඳාණන් වහන්සේට පූජා කරන්නට ආවෙමි; ඔබ හැම පවිත්‍ර වී මා සමඟ පූජාවට එන්නැ”යි කීවේ ය. සාමුවෙල්, ජෙස්සේ ද ඔහුගේ පුත්‍රයන් ද පවිත්‍ර කොට පූජාවට කැඳෙව්වේ ය.


අමාවකට පසු දිනත්, දෙ වන දිනත් දාවිත්ගේ අසුන හිස් ව තිබිණි. සාවුල් තම පුත් ජොනතන්ට කතා කොට, “ජෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මන්දැ”යි ඇසුවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්