Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 20:5 - Sinhala New Revised Version 2018

5 දාවිත් ජොනතන් අමතා මෙසේ කීවේ ය: “හෙට අමාවක බැවින් මා නොවරදවා ම රජ්ජුරුවන් සමඟ කෑම වැළඳිය යුතු ව තිබේ. එහෙත්, තුන් වන දා සවස වන තුරු කෙතේ සැඟවී සිටින්නට මට යන්නට ඉඩ දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 දාවිත් ජොනතන් අමතා මෙසේ කීවේ ය: “හෙට අමාවක බැවින් මා නොවරදවා ම රජ්ජුරුවන් සමඟ කෑම වැළඳිය යුතු ව තිබේ. එහෙත්, තුන් වන දා සවස වන තුරු කෙතේ සැඟවී සිටින්නට මට යන්නට ඉඩ දෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 දාවිත් යොනාතාන්ට කථාකොට: හෙට අමාවක බැවින් මා නොවරදවාම රජ්ජුරුවන් සමඟ කෑමට ඉඳගත යුතුය. නුමුත් තුන්වෙනිදා සවස වෙනතුරු මා කෙතේ සැඟවී සිටින පිණිස මට යන්ට ඉඩ අරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 20:5
17 හුවමාරු යොමු  

ප්‍රීතිදායක අවස්ථාවල දී, ප්‍රසිද්ධ මංගල්‍යවල දී හා පෝය දින සිදුකරන උත්සවවල දී, දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා පුදන විට හොරණෑ පිඹිය යුතු වේ. එය මඟින් නුඹලාගේ දෙවියන් වහන්සේ නුඹලාට සිහිපත් වනු ඇත. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.”


ඔහු දාවිත්ට කතා කොට, “මාගේ පියා වන සාවුල් ඔබ මරන්නට සොයන්නේ ය. ඒ නිසා හෙට උදේ ප්‍රවේසම් වී රහසේ සැඟවී සිටින්න.


“මාසය ආරම්භයේ දී නුඹලා සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු වේ. එය නම්, ගොන් වස්සන් දෙදෙනෙක් ද, බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.


අමාවක දවසේ දී ද පසළොස්වක දවසේ දී ද අපේ මහා මංගල දවසේ දී ද හොරණෑව පිඹින්න.


එබැවින් කෑම ගැන වත්, බීම ගැන වත්, මංගල දවසක් ගැන වත්, අමාවක දවසක් ගැන වත්, සබත් දවස් ගැන වත් ඔබ විනිශ්චය කරන්නට කිසිවෙකුට ඉඩ නොදෙන්න.


එවිට සහෝදරයෝ එවේලේ ම පාවුලු මුහුදු වෙරළට පිටත් කර යැවූ හ. සීලස් ද තිමෝතියස් ද එහි ම නැවතී සිටියහ.


ඔව්හු උන් වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්හ. එහෙත් ජේසුස් වහන්සේ රහසිගත ව, දේව මාලිගාවෙන් පිට වී ගිය සේක.


නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.


මට අපවාද කළෝ සතුරෝ නම්, එය මට ඉවසා ගන්නට තිබුණේ ය; මට සතුරු ව නැඟිට සිටියෝ එදිරිකාරයෝ නම්, මට ඔවුන්ගෙන් සැඟවෙන්නට තිබුණේ ය.


අනිද්දා ඔබේ නොපැමිණීම වඩා හොඳට කැපී පෙනෙනු ඇත. ඒ නිසා ඔබ කලින් සැඟවී සිටි ස්ථානයට ගොස් එහි ඇති ගල් ගොඩ පිටුපස්සේ සැඟවී සිටින්න.


ඉදින් මා කොහේ ද කියා ඔබේ පියා ඇසුවොත්, ‘ඔහු තමාගේ නුවර වන බෙත්ලෙහෙමේ සිටින මුළු පවුල උදෙසා අවුරුදු පතා පූජා ඔප්පු කරන බැවින්, එහි ගොස් එන්නට උදක්ම මාගෙන් අවසර ඉල්ලා සිටියේ ය’යි කියන්න.


ඔහු ද, “ඔබ අද ඔහු ළඟට යන්නේ කුමට ද? අද අමාවක වත්, සබත් දිනය වත් නොවේ ය”යි කී ය.


ජොනතන් ද, “ඔබ කැමැති කොයි දෙයක් වුවත් ඔබ උදෙසා කරන්නෙමි”යි කී ය.


ඉන්පසු ජොනතන් දාවිත්ට මෙසේ කීවේ ය: “හෙට අමාවක් දවස ය; ඔබේ ආසනය හිස් ව තිබුණොත්, ඔබ එහි නැති බව පෙනෙන්නේ ය.


ඔවුන් කතා කරගත් ලෙස දාවිත් කෙතෙහි සැඟවුණේ ය. අමාවක දවස පැමිණි විට රජතුමා කෑම කන්නට හිඳගත්තේ ය.


අමාවකට පසු දිනත්, දෙ වන දිනත් දාවිත්ගේ අසුන හිස් ව තිබිණි. සාවුල් තම පුත් ජොනතන්ට කතා කොට, “ජෙස්සේගේ පුත්‍රයා ඊයෙත් අදත් කෑමට නාවේ මන්දැ”යි ඇසුවේ ය.


ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්