දාවිත් පිළිතුරු දෙමින්, “යහපත, මම ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමි. හැබැයි, ඔබ එක දෙයක් කළ යුතු ය; එනම්, ඔබ මා බලන්නට එන විට පළමු කොට සාවුල්ගේ දුව වන මීකල් කැඳවාගෙන ආ යුතු ය; එසේ නොකළොත්, මාගේ මුහුණ නොදකින්නෙහි ය”යි කී ය.
1 සාමුවෙ 18:27 - Sinhala New Revised Version 2018 දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය. Sinhala New Revised Version දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය. Sinhala Revised Old Version ඒ දවස් සම්පූර්ණ වෙන්ට පළමුවෙන්, දාවිත් සහ ඔහුගේ මිනිස්සු පිටත්ව ගොස් පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරුවෝය; දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙනායේය, ඔහු රජුගේ බෑනා වෙන පිණිස මිනිස්සු ඒවා සම්පූර්ණ ගණන ලෙස රජු ඉදිරියෙහි තැබුවෝය. සාවුල් තමාගේ දූවූ මීඛල් ඔහුට භාර්යාවකොට පාවාදුන්නේය. |
දාවිත් පිළිතුරු දෙමින්, “යහපත, මම ඔබ සමඟ ගිවිසුමක් කරන්නෙමි. හැබැයි, ඔබ එක දෙයක් කළ යුතු ය; එනම්, ඔබ මා බලන්නට එන විට පළමු කොට සාවුල්ගේ දුව වන මීකල් කැඳවාගෙන ආ යුතු ය; එසේ නොකළොත්, මාගේ මුහුණ නොදකින්නෙහි ය”යි කී ය.
එවිට දාවිත් සාවුල්ගේ පුත්‍ර ඊෂ්-බොෂෙත් වෙත පණිවුඩකාරයන් යවා, “පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍ර දී මා ලබාගත් මාගේ බිරිඳ වන මීකල් මට දෙන්නැ”යි කියන්නට කීවේ ය.
එවිට සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය බලවත් ලෙස ඔහු කෙරේ පැමිණියේ ය. ඔහු අෂ්කෙලොන්ට ගොස්, එහි මිනිසුන් තිස්දෙනෙකු මරා, ඔවුන්ගෙන් කොල්ලකාගෙන ප්‍රහේලිකාව තෝරා දුන් අයට ඇඳුම් කට්ටල දුන්නේ ය. ඔහු ඉමහත් කෝපයෙන් ඇවිළී තමාගේ පියාගේ ගෙදරට ගියේ ය.
සාවුල්ගේ පුත්‍රයෝ නම්: ජොනතන් ද ඉෂ්වී ද මල්කීෂුවා ද යන මොවුහු ය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නම් මේවා ය: වැඩිමහල් දුවගේ නම මේරබ් ය, බාල දුවගේ නම මීකල් ය.
ඒ නිසා සාවුල් තමා වෙතින් දාවිත් අහක් කොට, ඔහු සහශ්‍රාධිපතියෙකු කෙළේ ය. දාවිත් මූලිකත්වය දරා සෙනඟ කැටුව සටනට ගියේ ය.
සාවුල් දාවිත්ට කතා කොට, “මෙන්න, මාගේ වැඩිමහල් දුව වන මේරබ් ඔබට භාර්යාව කොට දෙන්නෙමි. ඔබ මා උදෙසා වික්‍රමාන්විත ව සමිඳාණන් වහන්සේගේ යුද්ධවල සටන් කරන්නැ”යි කීවේ ය. සාවුල් එසේ කීවේ, ‘දාවිත් ඔහුගේ අතින් නොව පිලිස්තිවරුන්ගේ අතින් මරනු ලැබිය යුතු ය’යි අදහස් කළ බැවිනි.
සමිඳාණන් වහන්සේ දාවිත් සමඟ සිටින බවත්, මුළු ඉශ්රායෙල් ජනයා ඔහුට ප්‍රිය බවත් සාවුල්ට හැඟී ගියේ ය.
සාවුල් විසින් දාවිත්ගේ බිරිඳ ව සිටි මීකල් නම් තමාගේ දුව ගල්ලිම්හි විසූ ලායිෂ්ගේ පුත් පල්තීට භාර්යාව කොට දෙන ලද්දී ය.