Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 18:27 - Sinhala Revised Old Version

27 ඒ දවස් සම්පූර්ණ වෙන්ට පළමුවෙන්, දාවිත් සහ ඔහුගේ මිනිස්සු පිටත්ව ගොස් පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරුවෝය; දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙනායේය, ඔහු රජුගේ බෑනා වෙන පිණිස මිනිස්සු ඒවා සම්පූර්ණ ගණන ලෙස රජු ඉදිරියෙහි තැබුවෝය. සාවුල් තමාගේ දූවූ මීඛල් ඔහුට භාර්යාවකොට පාවාදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 18:27
8 හුවමාරු යොමු  

තවද දාවිත් සාවුල්ගේ පුත්‍රවූ ඊෂ්-බොෂෙත් වෙතට පණිවිඩකාරයන් යවා: පිලිස්තිවරුන් සියදෙනෙකුගේ චර්මාග්‍රදී ලබාගත් මාගේ භාර්යාවවූ මීඛල් මට දෙන්නැයි කියන්ට කීවේය.


ඒ නිසා සාවුල් තමා වෙතින් ඔහු අහක්කොට සහස්‍රාධිපතියෙකු කෙළේය; මෙසේ ඔහු සෙනඟට පෙරටුවෙන් යන්ට එන්ට වන්නේය.


එවිට ස්වාමීන්වහන්සේගේ ආත්මය බලවත් ලෙස ඔහු කෙරෙහි පැමිණියේය, ඔහු අෂ්කෙලොන්ට ගොස් එහි මිනිසුන් තිස්දෙනෙකු මරා ඔවුන්ගෙන් කොල්ලකාගෙන තේරවිල්ල තෝරා දුන් අයට ඇඳුම් කුට්ටම් දුන්නේය. ඔහුගේ කෝපය ඇවිළී ඔහු තමාගේ පියාගේ ගෙදරට ගියේය.


සාවුල්ගේ පුත්‍රයෝනම් යොනාතාන්ද ඉශ්වීද මල්කීෂුවාද යන මොව්හුය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නාම මේය: වැඩිමහල් දුවගේ නම මේරබ්ය, බාල දුවගේ නම මීඛල්ය.


සාවුල් දාවිත්ට කථාකොට: මෙන්න, මාගේ වැඩිමහල් දුවවූ මේරබ් නුඹට භාර්යාව කොට දෙන්නෙමි. නුඹ වූකලී මා උදෙසා වික්‍රමාන්විතව ස්වාමීන්වහන්සේගේ යුද්ධයන් කරන්නැයි කීවේය. මක්නිසාද සාවුල්: මාගේ අත නොව පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටේවයි සිතුවේය.


ස්වාමීන්වහන්සේ දාවිත් සමඟ සිටින බව සාවුල් දැක තේරුම්ගත්තේය; සාවුල්ගේ දුවවූ මීඛල් දාවිත්ට ආදරේවූවාය.


සාවුල් විසින් දාවිත්ගේ භාර්යාවවූ තමාගේ දුවවූ මීඛල් ගල්ලීම්හි විසූ ලායිෂ්ගේ පුත්‍රවූ පල්තීට දෙනලද්දීය.


දාවිත්ද කථාකොට: යහපත; මම නුඹ සමඟ ගිවිසුමක් කරන්නෙමි. නුමුත් නුඹ විසින් එක දෙයක් කළ යුතුය, එනම් නුඹ මා දකින්ට එන විට පළමුකොට සාවුල්ගේ දූවූ මීඛල් කැඳවාගන එන්ට ඕනෑය, නැත්නම් නුඹ මාගේ මුහුණ නොදක්නෙහියයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්