Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 18:17 - Sinhala New Revised Version 2018

17 සාවුල් දාවිත්ට කතා කොට, “මෙන්න, මාගේ වැඩිමහල් දුව වන මේරබ් ඔබට භාර්යාව කොට දෙන්නෙමි. ඔබ මා උදෙසා වික්‍රමාන්විත ව සමිඳාණන් වහන්සේගේ යුද්ධවල සටන් කරන්නැ”යි කීවේ ය. සාවුල් එසේ කීවේ, ‘දාවිත් ඔහුගේ අතින් නොව පිලිස්තිවරුන්ගේ අතින් මරනු ලැබිය යුතු ය’යි අදහස් කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 සාවුල් දාවිත්ට කතා කොට, “මෙන්න, මාගේ වැඩිමහල් දුව වන මේරබ් ඔබට භාර්යාව කොට දෙන්නෙමි. ඔබ මා උදෙසා වික්‍රමාන්විත ව සමිඳාණන් වහන්සේගේ යුද්ධවල සටන් කරන්නැ”යි කීවේ ය. සාවුල් එසේ කීවේ, ‘දාවිත් ඔහුගේ අතින් නොව පිලිස්තිවරුන්ගේ අතින් මරනු ලැබිය යුතු ය’යි අදහස් කළ බැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 සාවුල් දාවිත්ට කථාකොට: මෙන්න, මාගේ වැඩිමහල් දුවවූ මේරබ් නුඹට භාර්යාව කොට දෙන්නෙමි. නුඹ වූකලී මා උදෙසා වික්‍රමාන්විතව ස්වාමීන්වහන්සේගේ යුද්ධයන් කරන්නැයි කීවේය. මක්නිසාද සාවුල්: මාගේ අත නොව පිලිස්තිවරුන්ගේ අත ඔහු පිටට වැටේවයි සිතුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 18:17
22 හුවමාරු යොමු  

ඔබේ මෙහෙකාරීගේ වරදට කමා වුණ මැනව. මාගේ ස්වාමියා වන ඔබ සමිඳාණන් වහන්සේගේ යුද්ධ කරන බැවින් සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමියා වන ඔබට ස්ථිර වංශයක් නංගවා දෙන සේක් ම ය. ඔබ ජීවත් ව සිටින මුළු කාලයේ දී ඔබ අත කිසි නපුරක් දකිනු නොලබන්නේ ය.


එවිට සාවුල් සේවකයන්ට අණ කරමින්, “රජ්ජුරුවන්ගේ සතුරන්ගෙන් පළිගන්න පිණිස පිලිස්තිවරුන් සිය දෙනෙකුගේ චර්මාග්‍ර මිස රජ්ජුරුවන්ට අන් කිසි දායාදයක් වුවමනා නැත කියා දාවිත්ට කියන්නැ”යි කී ය. සාවුල් පිලිස්තිවරුන්ගේ අතින් දාවිත් මරවන්නට අදහස් කෙළේ මේ අයුරින් ය.


ඉශ්රායෙල් සෙනඟ කතා කොට, “ඉදිරියට එන අර මිනිසා දෙස බලන්න. ඉශ්රායෙල්වරුන්ට ඔහු කරන අභියෝගය අසන්න. යම් මිනිසෙකු ඔහු මැරුවොත්, රජතුමා ඔහුට බොහෝ වස්තුව දී ඔහු ධනවතෙකු කොට, තමාගේ දුව ඔහුට සරණපාවා දී, ඉශ්රායෙල්හි ඔහුගේ පියාගේ පවුල අයබදුවලින් නිදහස් කරනු ඇතැ”යි කී හ.


එවිට සාවුල්, “මම මීකල් දාවිත්ට දෙන්නෙමි. ඈ උගුලක් අටවා පිලිස්තිවරුන් ලවා ඔහු මරවනු ඇතැ”යි අදහස් කරගෙන, දෙ වන වතාවටත් දාවිත්ට කතා කොට, “ඔබ අද මාගේ බෑණා වන්නට ඕනෑ ය”යි කීවේ ය.


ජය ගැනීමට සමිඳාණන් වහන්සේට කඩුවක් වත්, හෙල්ලයක් වත් වුවමනා නැති බව මුළු සමූහයා දැනගනු ඇත. සටන සමිඳාණන් වහන්සේගේ ය; උන් වහන්සේ ද ඔබ අප අතට පාවා දෙන සේකැ”යි පිලිස්තියයාට කී ය.


බද්ධ වෛරය සිත තුළ පැසෙන නමුත්, ඔහුගේ කතාව වෙඬෙරු මෙන් සුමුදු ය; ඔහුගේ වචන, තෙලට වඩා මොළොක් ය. එහෙත් ඒවා, මුවහත් කඩු පහර මෙන් වූයේ ය.


මිනිසා මිනිසාට බොරු පවසයි; චාටු බසින් දෙසිත් ඇති ව කතා කරයි.


නුඹ සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කිරීමෙන් උන් වහන්සේගේ වචනය සුළු කොට සිතුවේ කුමක් නිසා ද? නුඹ හිත්තීය ජාතික උරියා කඩුවෙන් නසා, ඔහුගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත්තෙහි ය. නුඹ අම්මොන්වරුන් ලවා ඔහු කඩුවෙන් මැරෙව්වෙහි ය.


ඔහු ඒ ලියුමේ, “සටන ඉතා බලවත් ව තිබෙන තැනක උරියා සිටුවා, පහර ලැබ නසින පිණිස ඔහු අත්හැර අහක් වන්නැ”යි ලියා යැවී ය.


ඔහු මරනු සඳහා පළමුවෙන් සාක්ෂිකරුවන් ද ඉන්පසු සියලු සෙනඟ ද තම තමන්ගේ අත්වලින් ඔහුට ගල් ගැසිය යුතු ය. මේ අයුරින් ඔබ ඒ දුෂ්ටකම ඔබ අතරෙන් පහකළ යුතු ය.


ඔහු ඔවුන් අමතමින්, “ගාද්ගේ පරපුරේ අය හා රූබන්ගේ පරපුරේ අය සමිඳාණන් වහන්සේගේ අණ පරිදි සටනට සන්නාහ සන්නද්ධ ව ඔබ සමඟ ජොර්දාන් නදියෙන් එතෙර ව, රට අල්ලාගන්නෝ නම්, ඔබ හැම ඔවුන්ට ගිලියද් දේශය උරුම කොට දිය යුතු ය.


එහෙත්, ඔබ කියන පරිදි ඔබ සේවක අපි හැම කෙනෙක් ම සන්නාහ සන්නද්ධ ව, සමිඳාණන් වහන්සේගේ අණ ලෙස සටනට සූදානම් වන්නෙමු”යි කීවෝ ය.


එවිට මෝසෙස් ඔවුන්ට කතා කොට, “ඔබ හැම මෙය කරමින්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සටනට සන්නාහ සන්නද්ධ ව,


එබැවින් සමිඳුන්ගේ සටන් ග්‍රන්ථයෙහි මෙසේ කියා තිබේ: “සුපා නම් පෙදෙස්හි වහෙබ් නුවර ය, මිටියාවත් ය, අර්ණොන් නදිය ඇත,


සාවුල්ගේ පුත්‍රයෝ නම්: ජොනතන් ද ඉෂ්වී ද මල්කීෂුවා ද යන මොවුහු ය. ඔහුගේ දූවරුන් දෙදෙනාගේ නම් මේවා ය: වැඩිමහල් දුවගේ නම මේරබ් ය, බාල දුවගේ නම මීකල් ය.


ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි,


දාවිත් ඔහුගේ සෙනඟ සමඟ නික්ම ගොස්, පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් දෙසියයක් මැරී ය. දාවිත් ඔවුන්ගේ චර්මාග්‍ර ගෙන ගොස්, ඔහු රජුගේ බෑණා වීමේ අයිතිය ලබන පිණිස ඒවා රජු ඉදිරියෙහි ගණන් කොට තැබුවේ ය. එවිට සාවුල් තමාගේ දුව මීකල් ඔහුට භාර්යාව කොට පාවා දුන්නේ ය.


දාවිත් ශික්ලග් නුවරට පැමිණි විට තමාගේ මිත්‍රයන් වන ජුදාහි ප්‍රජා මූලිකයන්ට කොල්ලයෙන් කොටසක් යවමින්, “මෙන්න, සමිඳාණන් වහන්සේගේ සතුරාගෙන් ගත් කොල්ලයෙන් ඔබට තෑගි ය”යි කියා යැවී ය.


සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණි කල සාවුල්ගේ දුව වන මීකල් කවුළුවෙන් බලා, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනු දැක ඇගේ සිතින් ඔහු හෙළා දැක්කා ය.


කපටියා චාටු බස් මුවාවෙන් වෛරය වසාගනියි. සතුරා මිහිරි බස් දොඩයි, එහෙත් හිත තුළ වෛරය තබාගනියි.


ඔහුගේ හදවත උතුරා යන තරම් නපුරෙන් පිරී ඇත, මිතුරු වචන කීවත් ඔහු විශ්වාස නොකරන්න.


තම නපුරුකම ව්‍යාජයෙන් වසාගත්තත්, ඔහුගේ දුෂ්ටකම සියල්ලන් හට හෙළි වනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්