එලිෂාගේ සේවකයා අලුයම නැඟිට පිටතට ගිය කල හමුදාවක්, අශ්වයන් හා රථ ඇති ව නුවර වටේට සිටිනු දුටුවේ ය. එවිට ඔහු, “අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි ඔහුගෙන් ඇසී ය.
1 ලේකම් 21:13 - Sinhala New Revised Version 2018 දාවිත් උත්තර දෙමින්, “මම ලොකු ප්‍රශ්නයකට මූණ පා සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අසු වන්නෙමි. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මනුෂ්‍යයාගේ අතට අසු වන්න මට සිද්ධ නොවේවා”යි ගාද්ට කීවේ ය. Sinhala New Revised Version දාවිත් උත්තර දෙමින්, “මම ලොකු ප්‍රශ්නයකට මූණ පා සිටිමි. ඉතින් සමිඳාණන් වහන්සේගේ අතට අසු වන්නෙමි. මන්ද, උන් වහන්සේගේ අනුකම්පාව ඉමහත් ය. මනුෂ්‍යයාගේ අතට අසු වන්න මට සිද්ධ නොවේවා”යි ගාද්ට කීවේ ය. Sinhala Revised Old Version දාවිත්ද: මම මහත් අමාරුවකට පැමිණ සිටිමි. ඉතින් ස්වාමීන්වහන්සේ අතට අසුවන්නෙමි; මක්නිසාද උන්වහන්සේගේ අනුකම්පාව ඉතා මහත්ය. මනුෂ්‍යයාගේ අතට අසුවන්ට මට සිද්ධනොවේවයි ගාද්ට කීවේය. |
එලිෂාගේ සේවකයා අලුයම නැඟිට පිටතට ගිය කල හමුදාවක්, අශ්වයන් හා රථ ඇති ව නුවර වටේට සිටිනු දුටුවේ ය. එවිට ඔහු, “අහෝ! ස්වාමීනි, අපි කුමක් කරමු දැ”යි ඔහුගෙන් ඇසී ය.
අපි නුවරට ඇතුළුවෙමු යි කීවත් නුවර තුළ සාගතය තිබෙන නිසා අප එහි නසිනු ඇත. මෙහි සිටියත් නසිනු ඇත. එබැවින් දැන් එන්න, අපි සිරියන්වරුන්ගේ සේනාවට එකතුවෙමු. ඔවුන් අප ආරක්ෂා කළොත් අපි ජීවත්වන්නෙමු. ඔවුන් අප මැරුවොත් අපට මරණය පමණක් සිදු වනු ඇතැ”යි කී හ.
එහෙත්, එහි සිටි ඕදෙද් නමැති සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙක් සමාරියට ආ සේනාව සම්මුඛ වන්න පිටත් ව ගොස් ඔවුන්ට කතා කොට, “ඔබ සැමගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ජුදා කෙරෙහි උදහස් වූ නිසා උන් වහන්සේ ඔවුන් ඔබ අතට පාවා දුන් සේක. ඔබ අහසට නැඟෙන තරම් මහා කෝපයකින් ඔවුන් මැරුවහු ය.
අපේ පියවරු මිසරයේ දී ඔබේ පුදුම ක්‍රියා තේරුම් නොගත්තෝ ය. ඔබේ අසීමිත ප්‍රේමය සිහි නොකළෝ ය. රතු මුහුද ළඟ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.
එම්බා ඉශ්රායෙල් ජනයෙනි! සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න. මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය. ගැළවීම මුළුමනින් ම එතුමාණෝ අතෙහි ය.
මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි; ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි.
එහෙත් සමිඳුනි, මාගේ අයැදුම ඔබට ය. අනේ දෙවිඳුනි! ඔබ රිසි වේලාවක මට පිළිතුරු දුන මැනව! ඔබේ අධික ප්‍රේමයෙන් ඔබ දුන් ගැළවීමේ පොරොන්දුව ඉටු කරන නිසා, මට උත්තර දුන මැනව!
සමිඳුනි, ඔබේ තිර පෙම යහපත් බැවින් මට පිළිතුර දුන මැනව! ඔබේ ඉමහත් දයාව අනුව ඔබේ මුහුණ මා වෙත හැරෙව්ව මැනව!
මාගේ සමිඳුනි, ඔබ මෙත් සිත් ඇති දයානුකම්පාව පාන දෙවිඳාණෝ ය, ඉවසන සුලු, කරුණාවෙන් සහ විශ්වාසවන්තකමින් සපිරි තැනැන් වහන්සේ ය.
මාගේ සමිඳුනි, ඔබ යහපත් ය, ඔබ කමා කරන සේක; ඔබට අයැදින සියල්ලන්ට තිර පෙම බහුල ව ප්‍රදානය කරන සේක.
ඔව්හු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්න වත්, විපතින් යමෙකු ගළවන්න වත් එයට බැරි ය.
මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.
දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත.
සමිඳුනි, ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබේ ශුද්ධ තේජාන්විත භවනයේ සිට බැලුව මැනව. අප කෙරේ සැලකිල්ල කොයි ද? ඔබේ බලය කොහි ද? ඔබේ ප්‍රේමයත්, අනුකම්පාවත් අපෙන් ඉවත් නොකළ මැනව.
සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.
අප විනාශ නොවන පිණිස සමහර විට දෙවියන් වහන්සේ හැරී තමන් සිත වෙනස් කරගෙන, තමන්ගේ බලවත් උදහසින් දුරුවන්න බැරි නැත.”
ඔහු සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “අහෝ සමිඳුනි, මාගේ රටේ මා සිටිය දී, මා කීවේ මෙය ම නොවේ ද? තර්ෂිෂ්ට පලා යන්නට මා ඉක්මන් වූයේ එබැවිනි. මන්ද, ඔබ දයාවන්ත, අනුකම්පා සහගත, වහා නොකිපෙන සුලු, ඉතා කරුණාවන්ත, විපත්ති පැමිණ වීමට නොකැමැති දෙවි කෙනෙකු බව මම දැනගෙන සිටියෙමි.
සමිඳුනි, ඔබේ ඉතිරි කුඩා පිරිසේ අපරාධය මකා දමා, ඔවුන්ගේ පව් පහකරන, ඔබට සම අන් දෙවි කෙනෙක් සිටිත් ද? එතුමාණෝ උදහස සදහට ම තබා නොගන්න සේක. මන්ද, එතුමාණෝ තිරසර පෙම ප්‍රිය කරන සේක.
සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව.
“දැන් මාගේ සිත කැළඹී ඇත; ඉදින් මම කුමක් කියම් ද? ‘පියාණෙනි, මේ මොහොතෙන් මා ගැළවුව මැනවැ’යි කියම් ද? නැත, මා මේ මොහොතට පැමිණියේ මේ උදෙසා ම ය.
මම මේ දෙක මැද හිර වී සිටිමි. මාගේ ආශාව නම් මෙලොවින් තුරන් වී ගොස්, ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය. මෙය වඩාත් හොඳ ය.