ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය.
1 ලේකම් 20:1 - Sinhala New Revised Version 2018 තවද, ඊළඟ අවුරුද්දේ රජවරුන් සටනට පිටත් ව යන කාලය පැමිණි විට, ජෝවාබ් යුද්ධ සේනාව ගෙන ගොස් අම්මොන්වරුන්ගේ රට පාළු කොට, රබ්බා නුවරට අවුත් එය වටලාගත්තේ ය. එහෙත්, දාවිත් ජෙරුසලමෙහි නැවතී සිටියේ ය. ජෝවාබ් රබ්බාට පහර දී එය නාස්ති කෙළේ ය. Sinhala New Revised Version තවද, ඊළඟ අවුරුද්දේ රජවරුන් සටනට පිටත් ව යන කාලය පැමිණි විට, ජෝවාබ් යුද්ධ සේනාව ගෙන ගොස් අම්මොන්වරුන්ගේ රට පාළු කොට, රබ්බා නුවරට අවුත් එය වටලාගත්තේ ය. එහෙත්, දාවිත් ජෙරුසලමෙහි නැවතී සිටියේ ය. ජෝවාබ් රබ්බාට පහර දී එය නාස්ති කෙළේ ය. Sinhala Revised Old Version තවද ඊළඟ අවුරුද්දේ රජවරුන් සටනට පිටත්ව යන කාලය පැමුණුණ විට, යෝවාබ් යුද්ධ සේනාව ගෙනගොස් අම්මොන් පුත්‍රයන්ගේ රට පාළුකොට, රබ්බාට ඇවිත් ඒක වටලාගත්තේය. නුමුත් දාවිත් යෙරුසලමෙහි නැවතී සිටියේය. යෝවාබ් රබ්බාට පහරදී එය නාස්තිකෙළේය. |
ඒ අවුරුද්දේ වසන්ත සමයේ රජවරුන් යුද්ධයට යන කාලයේ දී, දාවිත් රජ, ජෝවාබ් ද ඔහු සමඟ තමාගේ සේවකයන් ද ඉශ්රායෙල් හමුදාව ද යුද බිමට යැවී ය. ඔව්හු අම්මොන්වරුන් ඝාතනය කොට රබ්බා නගරය වැටලූ හ. එහෙත්, දාවිත් ජෙරුසලමේ නැවතී සිටියේ ය.
දාවිත් රජු මහනයිම් නගරයට පැමිණි විට අම්මොන්වරුන්ට අයිති රබ්බාහි නාහාෂ්ගේ පුත් ෂෝබි ද ලෝ-දෙබාර්හි අම්මියෙල්ගේ පුත් මාකීර් ද රොගේලීම්හි ගිලියද් ජාතික බර්ශිල්ලයි ද
දිවැසිවරයා ඉශ්රායෙල් රජු වෙත පැමිණ, “ලබන වසන්ත කාලයේ දී සිරියාවේ රජ ඔබට විරුද්ධ ව එනු ඇත. එබැවින් ඔබ ශක්තිමත් වී කුමක් කළ යුතු ද කියා කල්පනා කර බලන්නැ”යි කී ය.
ඊට පසු පැමිණි වසන්ත කාලයේ දී බෙන්-හදද් සිරියාවේ වැසියන් රැස් කොට ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට අපෙක් නම් ස්ථානයට ගියේ ය.
එලිෂා මියගොස් තැන්පත් කරනු ලැබී ය. ඊළඟ අවුරුද්දේ මෝවබ්වරුන්ගේ හමුදා දේශයට ඇතුළු වූ හ.
හදද්-එශෙර්ගේ සේවකයෝ තමන් ඉශ්රායෙල්වරුන්ට පරාජය වූ බව දැක, දාවිත් සමඟ සාමදාන වී ඔහුට මෙහෙකළෝ ය. ඉන්පසු සිරියන්වරු අම්මොන්වරුන්ට තවත් උපකාර කරන්න කැමැති නොවූ හ.
ගිනි අඟුරු පිඹ නියම වැඩට ආයුධයක් තළාගන්නා වූ කම්මල්කරුවා මැව්වේ මම ය. ඒ ආයුධවලින් වනසාදැමීම සඳහා යුද්ධ භටයා මැව්වේත් මම ය.
එවිට මම, “සමිඳුනි, මෙසේ වන්නේ කොපමණ කලකට දැ”යි ඇසීමි. එතුමාණෝ මෙසේ පිළිතුරු දුන් සේක: “වැසියෙකු නැති ව නගර ද මිනිසෙකු නැති ව ගෙවල් ද පාළු වන තුරුත්, දේශය සහමුලින් ම ජනශූන්‍ය වන තුරුත් ය.
කඩුව අම්මොන්වරුන්ගේ නුවර වූ රබ්බාටත්, ජුදාට සහ පවුරෙන් වට වූ ජෙරුසලමටත් පැමිණෙන පිණිස මාර්ගයක් නියම කරන්න.
රබ්බා ඔටුවන්ට තණ බිමක් ද අම්මොන් වැසියන්ගේ රට බැටළුවන් ලගින තැනක් ද කරන්නෙමි. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
රබ්බාහි පවුරුවලට මම ගිනි දල්වමි. එයින් නගරයේ බලකොටු දවා අළු කර දමමි. යුද්ධ දවසේ දී ගෝරනාඩු ඇති වේ; චණ්ඩ මාරුතයක් සේ යුද්ධය වේගයෙන් පැතිර යනු ඇත.
“ඉතුරු වූ රෙපායිම් යෝධයන්ගෙන් එතෙක් පණපිටින් සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණකි. ඔහුගේ මිනිය තැබූ ඇඳ යකඩවලින් සෑදූ එකකි. අම්මොන්වරුන්ගේ පෙළපතට අයත් නගරයක් වූ රබ්බාහි එය අද දක්වා ඇත. සම්මත මිනුම අනුව එහි දිග මීටර් හතරකි, පළල මීටර් දෙකකි.”