පසු ව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස් වූ කල, ගිලියද් හට පියා වූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ හා එක් විය. ඇය ඔහුගෙන් සෙගුබ් ලැබුවා ය.
1 ලේකම් 2:22 - Sinhala New Revised Version 2018 සෙගුබ්ට දාව ජායිර් උපන්නේ ය; ඔහුට ගිලියද් දේශයෙහි නගර විසිතුනක් තිබුණේ ය. Sinhala New Revised Version සෙගුබ්ට දාව ජායිර් උපන්නේ ය; ඔහුට ගිලියද් දේශයෙහි නගර විසිතුනක් තිබුණේ ය. Sinhala Revised Old Version සෙගූබ්ට දාව යායිර් උපන්නේය, ඔහුට ගිලියද් දේශයෙහි නුවරවල් විසිතුනක් තිබුණේය. |
පසු ව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස් වූ කල, ගිලියද් හට පියා වූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ හා එක් විය. ඇය ඔහුගෙන් සෙගුබ් ලැබුවා ය.
ගෙෂූර්වරු ද සිරියන්වරු ද ජායිර්හි නගර සහ කෙනත් ද ඊට අයිති ගම් ඇතුළු ව නගර සැටක් ද ඔවුන්ගෙන් අල්ලාගත්තෝ ය. මේ සියල්ලෝ ගිලියද්ගේ පිය වූ මාකීර්ගේ පුත්‍රයෝ ය.
මනස්සේගේ පුත් ජායීර් ගොස්, එහි තිබූ සමහර නගර අල්ලාගෙන ඒවාට හෙවාත්-ජායිර් කියා නම් තැබී ය.
මනස්සේගේ පුත් ජයිර් නමැත්තා, ගෙෂුර්වරුන්ගේ ද මාකාත්වරුන්ගේ ද සීමා දක්වා සම්පූර්ණ අර්ගොබ් පළාත, එනම්, බාෂාන් පළාත අල්ලාගෙන, ඊට තමාගේ ම නම දෙමින් හව්වොත්-ජායිර් කියා නම් තැබී ය. අද දක්වා ඒ නම පවතී.
ඔවුන්ගේ පළාත නම්, මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජ වූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන ජායිර්ගේ සියලු නගර එනම්, නගර හැටකුත් ය.