Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 32:41 - Sinhala New Revised Version 2018

41 මනස්සේගේ පුත් ජායීර් ගොස්, එහි තිබූ සමහර නගර අල්ලාගෙන ඒවාට හෙවාත්-ජායිර් කියා නම් තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 මනස්සේගේ පුත් ජායීර් ගොස්, එහි තිබූ සමහර නගර අල්ලාගෙන ඒවාට හෙවාත්-ජායිර් කියා නම් තැබී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 මනස්සේගේ පුත්‍රවූ යායිර් ගොස් එහි නුවරවල් අල්වා ගෙන ඒවාට හවොත්-යායිර්යයි නම් තැබීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 32:41
5 හුවමාරු යොමු  

මනස්සේගේ පුත් ජයිර් නමැත්තා, ගෙෂුර්වරුන්ගේ ද මාකාත්වරුන්ගේ ද සීමා දක්වා සම්පූර්ණ අර්ගොබ් පළාත, එනම්, බාෂාන් පළාත අල්ලාගෙන, ඊට තමාගේ ම නම දෙමින් හව්වොත්-ජායිර් කියා නම් තැබී ය. අද දක්වා ඒ නම පවතී.


ඔහුට පුත්‍රයෝ තිස්දෙනෙක් සිටියෝ ය. ඔවුන් එකිනෙකාට නැඟී යාම පිණිස කොටළුවෝ තිස්දෙනෙක් වූවෝ ය. ඔවුන්ට ගිලියද් දේශයෙහි නගර තිහක් ද තිබුණේ ය. ඒවාට හවොත්-ජායිර් කියා අද දවස දක්වා කියනු ලැබේ.


ඔවුන්ගේ පළාත නම්, මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජ වූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන ජායිර්ගේ සියලු නගර එනම්, නගර හැටකුත් ය.


රාමොත්-ගිලියද්හි සිටි බෙන්‍-ගෙබර් ය; ගිලියද්හි සිටි මනස්සේගේ පුත් ජායීර්ගේ නගර ද පවුරු ද ලෝකඩ අගුල් ද ඇති මහා නගර හැටක් සහිත බාෂාන් නම් පෙදෙසෙහි අර්ගොබ් පළාත ඔහුට පැවරිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්