Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 2:21 - Sinhala New Revised Version 2018

21 පසු ව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස් වූ කල, ගිලියද් හට පියා වූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ හා එක් විය. ඇය ඔහුගෙන් සෙගුබ් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 පසු ව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස් වූ කල, ගිලියද් හට පියා වූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ හා එක් විය. ඇය ඔහුගෙන් සෙගුබ් ලැබුවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 පසුව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස්වූ කල, ගිලියද්හට පියවූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ වෙතට පැමුණුණේය; ඇයට ඔහු නිසා සෙගූබ් උපන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:21
9 හුවමාරු යොමු  

ඒ සමයෙහි ජෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ පරපුරෙන් පැවති මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍ර වූ හේපෙර්ගේ පුත්‍රයා වන ශෙලෝපෙහාද්ගේ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.


“ගිලියද් දේශය මම මාකීර්ට දුනිමි.


මනස්සේගේ පරපුර නම්, මාකීර් පවුල ය. මාකීර්ට දාව ගිලියද් උපන්නේ ය. මොහුගෙන් පැවතෙන පවුල ගිලියද් පවුල ය.


තවද, ඔහු එප්‍රායිම්ගේ දරුවන් තුන් වන පරම්පරාව දක්වා දිටී ය. මනස්සේගේ පුත්, මාකීර්ගේ දරුවෝ ද ජෝසෙප් විසින් සිය පවුලට බාරගන්නා ලදහ.


හූර්ට දාව උරී උපන්නේ ය; උරීට දාව බෙශලෙල් උපන්නේ ය.


සෙගුබ්ට දාව ජායිර් උපන්නේ ය; ඔහුට ගිලියද් දේශයෙහි නගර විසිතුනක් තිබුණේ ය.


මනස්සේගේ පුත් ජායීර් ගොස්, එහි තිබූ සමහර නගර අල්ලාගෙන ඒවාට හෙවාත්-ජායිර් කියා නම් තැබී ය.


මනස්සේගේ පුත්‍රයෝ: මනස්සේට අරමීය උපභාර්යාවගෙන් පුතුන් දෙදෙනෙක් ලැබී ය. ඔව්හු අශ්‍රීයෙල් හා මාකීර් ය. මාකීර්, ගිලියද්ගේ පියා විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්