Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 2:22 - Sinhala Revised Old Version

22 සෙගූබ්ට දාව යායිර් උපන්නේය, ඔහුට ගිලියද් දේශයෙහි නුවරවල් විසිතුනක් තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 සෙගුබ්ට දාව ජායිර් උපන්නේ ය; ඔහුට ගිලියද් දේශයෙහි නගර විසිතුනක් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 සෙගුබ්ට දාව ජායිර් උපන්නේ ය; ඔහුට ගිලියද් දේශයෙහි නගර විසිතුනක් තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 2:22
7 හුවමාරු යොමු  

ඔවුන්ගේ පළාත නම් මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජවූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන යායිර්ගේ සියලු නිවාස වන නුවරවල් හැටකුත්ය.


මනස්සේගේ පුත්‍රවූ යායිර් තෙම ගෙෂූර්වරුන්ගේද මාකාත්වරුන්ගේද සීමාව දක්වා මුළු අර්ගොබ් පළාත අල්ලාගන ඒවාට එනම් බාෂාන්ට අද දක්වා තිබෙන්නාක්මෙන් තමාගේ නාමය ප්‍රකාර හව්වොත්-යායිර්යයි නම තැබුවේය.)


මනස්සේගේ පුත්‍රවූ යායිර් ගොස් එහි නුවරවල් අල්වා ගෙන ඒවාට හවොත්-යායිර්යයි නම් තැබීය.


පසුව හෙශ්රොන් තමා හැට අවුරුදු වයස්වූ කල, ගිලියද්හට පියවූ මාකීර්ගේ දුව පාවාගෙන ඈ වෙතට පැමුණුණේය; ඇයට ඔහු නිසා සෙගූබ් උපන්නේය.


ගෙෂූර්වරුද සිරියවරුද යායිර්හි නුවරවල් සහ කෙනාත්ද ඊට අයිති ගම් වන නුවරවල් සැටක්ද ඔවුන්ගෙන් අල්ලාගත්තෝය. මේ සියල්ලෝ ගිලියද්ගේ පියවූ මාකීර්ගේ පුත්‍රයෝය.


මෝසෙස් මනස්සේගේ පුත්‍රවූ මාකීර්ට ගිලියද් දේශය දුන්නේය; ඔහු එහි විසුවේය.


ගිලියද් මාකීර්ට දුනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්