එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යාච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක.
1 ලේකම් 16:22 - Sinhala New Revised Version 2018 “මාගේ අබිසෙස් ලත් අයට අත නොගසන්න; මාගේ දිවැසිවරුන්ට අනතුරු නොකරන්නැ”යි වදාළ සේක. Sinhala New Revised Version “මාගේ අබිසෙස් ලත් අයට අත නොගසන්න; මාගේ දිවැසිවරුන්ට අනතුරු නොකරන්නැ”යි වදාළ සේක. Sinhala Revised Old Version මාගේ අභිෂේකලද්දවුන්ට අතනොගසව්, මාගේ ප්‍රොපේතවරුන්ට අනතුරු නොකරව්යයි කීසේක. |
එබැවින් දැන් එම බිරිඳ සිය සැමියාට ආපසු බාර දෙන්න. ඔහු දිවැසිවරයෙකු බැවින් ඔහු නුඹ උදෙසා යාච්ඤා කරනු ඇත. නුඹ නොමැරෙන්නෙහි ය; එහෙත් නුඹ ඈ ආපසු බාර නොදෙන්නෙහි නම්, නුඹත්, නුඹ සතු සියල්ලත් නියත වශයෙන් ම මැරෙන බව දැනගන්නැ”යි වදාළ සේක.
නිම්ෂිගේ පුත් ජේහු ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් ආලේප කරන්න. ආබෙල් මෙහොලාහී ෂාපාත්ගේ පුත් එලිෂා නුඹ වෙනුවට දිවැසිවරයෙකු ලෙස ආලේප කරන්න.
පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන්ට ගී ගයන්න. එතුමන්ගෙන් ලැබෙන ගැළවීම දිනෙන් දින ප්‍රකාශ කරන්න.
උන් වහන්සේගෙන් ලැබූ ආලේපය ඔබ තුළ පවතින හෙයින් ඔබට ඉගැන්වීමට අන් කිසිවෙක් වුවමනා නැත. උන් වහන්සේගේ ඒ ආලේපය ඔබට සියල්ල උගන්වනු ඇත. එය සත්‍යම ය; අසත්‍යයක් නොවේ. ඒ ආලේපය ඔබට ඉගැන්වූ පරිදි, උන් වහන්සේ තුළ පැවතී සිටින්න.