ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 13:12 - Sinhala New Revised Version 2018

ඒ දවසේ දී දාවිත් දෙවියන් වහන්සේට භය වී, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒ දවසේ දී දාවිත් දෙවියන් වහන්සේට භය වී, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ දවසේදී දාවිත් දෙවියන්වහන්සේට භයව: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා ළඟට කෙසේ ගෙනෙම්දැයි කීවේය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 13:12
12 හුවමාරු යොමු  

“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?


සමිඳාණන් වහන්සේ උශ්ශාට දුන් හදිසි පහර නිසා දාවිත් අප්‍රසන්න විය. ඔහු ඒ ස්ථානයට උශ්ශා ප්‍රහාරය යන අර්ථය ඇති පෙරෙෂ්-උශ්ශා යන නාමය තැබී ය. ඒ නාමය අද දක්වා ඊට තිබේ.


ඒ නිසා දාවිත් ගිවිසුම් කරඬුව තමා වෙත දාවිත්ගේ නුවරට නොගෙන, අන් අතකට හරවා, එය හිත්තීය ජාතික ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේ ය.


එහෙත්, සමිඳාණන් වහන්සේගේ දූතයාගේ කඩුවට බිය වූ නිසා දෙවියන් වහන්සේගෙන් විචාරණ පිණිස එය ඉදිරියට යන්න දාවිත්ට නොහැකි විය.


ඔබට බියෙන් මාගේ ගත සිත වෙවුලයි. ඔබේ විනිශ්චයයන්ට මම බිය වෙමි.


එවිට මම මෙසේ කීමි: “අහෝ! මා වැනි කාලකණ්ණියෙක්; මට කිසි බලාපොරොත්තුවක් නැත. මන්ද, අපවිත්‍ර තොල් ඇති මිනිසෙකු වන, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ ජීවත් වන, මම සියලු බලැති ස්වාමීන් වන රජාණන් වහන්සේ මාගේ දෑසින් ම දිටිමි.”


ඉන්පසු රිදී කාසි එක් දහක් ලැබූ තැනැත්තේ ද අවුත්, ‘ස්වාමීනි, ඔබ නොවපුළ තැනින් කපන, වගා නොකළ තැනින් පල රැස් කරන, තදහිතක් ඇති මනුෂ්‍යයෙකු බව දැනගතිමි.


බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ කතා කොට, “සමිඳාණන් වහන්සේ වන ශුද්ධ දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිටින්නට පුළුවන් කවරෙකුට ද? උන් වහන්සේ අප වෙතින් බැහැර කරන පිණිස ගිවිසුම් කරඬුව කොතැනට යැවිය හැකි දැ”යි ඇසුවෝ ය.