Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 ලේකම් 13:12 - Sinhala Revised Old Version

12 ඒ දවසේදී දාවිත් දෙවියන්වහන්සේට භයව: දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය මා ළඟට කෙසේ ගෙනෙම්දැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඒ දවසේ දී දාවිත් දෙවියන් වහන්සේට භය වී, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඒ දවසේ දී දාවිත් දෙවියන් වහන්සේට භය වී, “දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මා ළඟට කෙසේ ගෙනෙම් දැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 13:12
12 හුවමාරු යොමු  

ඔබට භයින් මාගේ මාංසය තැති ගනියි; ඔබගේ විනිශ්චයන්ට භයවෙමි.


නුමුත් දෙවියන්වහන්සේ සැබවින්ම පොළොවෙහි වසන්ට සතුටුවනසේක්ද? ස්වර්ගයද ස්වර්ගවල ස්වර්ගයද ඔබවහන්සේට ඉඩ මදිය; එසේ නම් මා විසින් ගොඩනැගූ මේ ගෘහය ඊට වඩා කොපමණ මදිද?


බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයෝ කථාකොට: ස්වාමීන්වහන්සේ එනම් මේ ශුද්ධ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිටින්ට කාට පුළුවන්ද? උන්වහන්සේ අප වෙතින් කා වෙතට යවමුදැයි කීවෝය.


එක තලෙන්තය ලැබු තැනැත්තේද ඇවිත්: ස්වාමිනි, ඔබ නොවපුළ තැනින් කපාගන්නාවූ, නොඉස්ස තැනින් රැස්කරන්නාවූ, කර්කස මනුෂ්‍යයෙකු බව දැනගතිමි.


එවිට මම කථාකොට: අහෝ! මට දුක්වේ! මක්නිසාද මට විනාශය විය; කුමක් හෙයින්ද අපවිත්‍ර තොල් ඇති මනුෂ්‍යයෙක්ව සිටින්නාවූ, අපවිත්‍ර තොල් ඇති සෙනඟක් අතරේ වසන්නාවූ මම සේනාවල ස්වාමිවූ රජ්ජුරුවන්වහන්සේ මාගේ ඇස්වලින් දුටුවෙමියි කීමි.


ස්වාමීන්වහන්සේ උස්සාට කළ හදිසි පහර දීම නිසා දාවිත් අප්‍රසන්න විය. ඔහු ඒ ස්ථානයට පෙරෙෂ්-උස්සා යන නාමය තැබීය, ඒ නාමය අද දක්වා ඊට තිබේ.


ඒ නිසා දාවිත් ගිවිසුම් පෙට්ටිය තමා වෙතට දාවිත්ගේ නුවරට නොගෙන අහකට හරවා, එය ගිත්තිය ඕබෙද්-ඒදොම්ගේ ගෙට ගෙන ගියේය.


එහෙත් ස්වාමීන්වහන්සේගේ දූතයාගේ කඩුවට භයවූ නිසා දෙවියන්වහන්සේගෙන් විචාරන පිණිස ඒක ඉදිරියට යන්ට දාවිත්ට නොහැකිවිය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්