ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 7:16 - Sinhala New Revised Version 2018

කුලුණු මුදුන් පිට තබන්නට ඔහු ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කර සෑදී ය. එක එක පේකඩයේ උස මීටර් දෙකයි දශම දෙකකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කුළුණු මුදුන් පිට තබන්නට ඔහු ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කර සෑදී ය. එක එක පේකඩයේ උස මීටර් දෙකයි දශම දෙකකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කුළුනු මුදුන් පිට තබන්ට ඔහු පිත්තල පේකඩ දෙකක් වාත්තුකර සෑදුවේය. එක පේකඩයක උස රියන් පහක්ය, අනික් පේකඩයේ උස රියන් පහක්ය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 7:16
8 හුවමාරු යොමු  

ඔහු ලෝකඩ කුලුණු දෙකක් වාත්තු කෙළේ ය. එක එක කුලුණේ උස මීටර් අටකි. එක එක කුලුණේ වට ප්‍රමාණය මීටර් පහයි දශම තුනකි.


කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවලට දැල් වැඩ ද දම්වැල් මාලා වැඩ ද තිබිණි. එක එක පේකඩයට ඒවා සතක් බැගින් තිබිණි.


මෙසේ ගොතා ඔහු කොකු සවි කළ කණු පහක් සාදා, ඒවායේ මුදුන් ද ඒවායේ පොලු ද රනින් ආලේප කෙළේ ය. එහෙත් එවායේ තවු පහ ලෝකඩයෙන් සාදන ලදී.


කුලුණුවල තවු ලෝකඩයෙනුත් ඒවායේ කොකු සහ පොලු ද ඒවායේ පේකඩ වැස්ම ද රිදීයෙනුත් විය. මළුවේ කුලුණු සියල්ල රිදී පොලුවලින් යා කරන ලදී.


ඒවාට කුලුණු හතරකි, ලෝකඩයෙන් පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර සෑදූ තවු හතරකි. ඒවායේ කොකු ද පේකඩ වැස්ම සහ පොලු ද රිදීයෙන් විය.


ඉතිරි වූ රිදී කිලෝග්‍රෑම් තිහ කුලුණුවල කොකු සෑදීමටත්, කුලුණුවල පේකඩවල මුදුනේ ගෑමටත්, ඒවායේ පොලුවලටත් භාවිතා කරන ලදී.


එය මත ලෝකඩ පේකඩයක් විය. එක එක පේකඩය මීටර් දෙකයි දශම දෙකක් උස විය. පේකඩය වටේට දෙළුම් ගෙඩිවලින් සරසන ලද කැටයම් රාමුවක් තිබුණේ ය. ඒ සියල්ල කරන ලද්දේ ලෝකඩින් ය. දෙ වන කුලුණත් ඒ අයුරින් ම දෙළුම් ගෙඩිවලින් සරසන ලදී.