Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:15 - Sinhala New Revised Version 2018

15 ඔහු ලෝකඩ කුලුණු දෙකක් වාත්තු කෙළේ ය. එක එක කුලුණේ උස මීටර් අටකි. එක එක කුලුණේ වට ප්‍රමාණය මීටර් පහයි දශම තුනකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔහු ලෝකඩ කුළුණු දෙකක් වාත්තු කෙළේ ය. එක එක කුළුණේ උස මීටර් අටකි. එක එක කුළුණේ වට ප්‍රමාණය මීටර් පහයි දශම තුනකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 ඔහු පිත්තල කුළුනු දෙක සෑදුවේය. එක එක කුළුනේ උස දහ අට රියනක්ය, එක එක කුළුනේ වට ප්‍රමාණය දොළොස් රියනක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:15
13 හුවමාරු යොමු  

ඒ එක් එක් කුලුණේ උස මීටර් අටකි. ඒ වටේට මීටර් පහයි දශම තුනක පටියක් තිබුණේ ය. එහි ඝනකම මිලි මීටර් හැත්තෑපහක් ය. එහි ඇතුළ කුහරයක් විය.


ඔහු දේව මාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුලුණු පිහිටුවා දකුණු කුලුණට ජාකීන් යන නම ද වම් කුලුණට බෝවස් යන නම ද තැබුවේ ය.


ඔහු සමිඳාණන් වහන්සේගේ මාලිගාව ද රජ මාලිගාව ද ජෙරුසලමේ සියලු ගෙවල් ද ප්‍රභූවරුන්ගේ මන්දිර ද පුළුස්සාදැමුවේ ය.


එනම්, කුලුණු දෙකක් ද කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක ද ඒ ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙක ද


කුලුණු මුදුන් පිට තබන්නට ඔහු ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කර සෑදී ය. එක එක පේකඩයේ උස මීටර් දෙකයි දශම දෙකකි.


තවද, කල්දිවරු සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ ලෝකඩ කණු ද මැසි ද එහි තිබූ ලෝකඩ බඳුන් ද කඩාගෙන ඒවායේ ලෝකඩ බබිලෝනියට ගෙන ගියහ.


“බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්, ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි හා ජෙරුසලමේ ප්‍රධානීන් ද අල්ලාගෙන බබිලෝනියට යද්දී, ඔහු කුලුණු, ලෝකඩ තටාකය, මැසි හා දේව මාලිගාවේ අනික් භාණ්ඩ ගෙන ගියේ නැත.


තවද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට අයිති ලෝකඩ කුලුණු ද එහි තිබුණු මැසි ද මහ ලෝකඩ භාජනය ද කඩාදමා, බබිලෝනිවරු ඒවායේ ලෝකඩ සියල්ල ම බබිලෝනියට ගෙන ගියෝ ය.


ශාලාවේ දිග මීටර් දහයකි. පළල මීටර් හයකි. ඊට නඟින්න පඩි දහයක් තිබිණි. කුලුණුවලට කණු එක පැත්තක එකක් ද අනික් පැත්තෙහි එකක් ද බැගින් තිබුණේ ය.


තිබ්හත් ද කුන් ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් බොහෝ ලෝකඩ ගත්තේ ය. එයින් සලමොන් ලෝකඩ තටාකයත්, කුළුනුත්, ලෝකඩ භාජනත් සෑදී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්