Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:16 - Sinhala Revised Old Version

16 කුළුනු මුදුන් පිට තබන්ට ඔහු පිත්තල පේකඩ දෙකක් වාත්තුකර සෑදුවේය. එක පේකඩයක උස රියන් පහක්ය, අනික් පේකඩයේ උස රියන් පහක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 කුළුණු මුදුන් පිට තබන්නට ඔහු ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කර සෑදී ය. එක එක පේකඩයේ උස මීටර් දෙකයි දශම දෙකකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 කුලුණු මුදුන් පිට තබන්නට ඔහු ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කර සෑදී ය. එක එක පේකඩයේ උස මීටර් දෙකයි දශම දෙකකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:16
8 හුවමාරු යොමු  

ඔහු ෂෙකෙල් එක්දහස් සත්සිය සැත්තෑ පහකින් කුළුනුවලට කොකු සාදා ඒවායේ පේකඩ වසා ඒවාට පටිද සෑදුවේය.


ඒවායේ කුළුනු සතරක්ය, ඒවායේ අඩි සතරක්ය, ඒවා පිත්තලෙන් විය; ඒවායේ කොකුද පේකඩ වැස්මද ඒවායේ පටිද රිදීයෙන් විය.


කුළුනුවල අඩිද පිත්තලෙන් විය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය; ඒවායේ පේකඩ වැස්මද රිදීයෙන් විය; මළුවේ සියලු කුළුනුද රිදීයෙන් බඳිනලද්දේය.


ඒකේ කුළුනු පහද ඒවායේ කොකුද සෑදුවේය. ඒවායේ පේකඩද ඒවායේ පටිද රනින් වැසුවේය. ඒවායේ අඩි පහ පිත්තලෙන් විය.


ඔහු පිත්තල කුළුනු දෙක සෑදුවේය. එක එක කුළුනේ උස දහ අට රියනක්ය, එක එක කුළුනේ වට ප්‍රමාණය දොළොස් රියනක්ය.


කුළුනු මුදුන්පිට තිබුණු පේකඩවලට දැල් වැඩද දම්වැල් මාලා වැඩද තිබුණේය; එක පේකඩයට සතක්ද අනික් පේකඩයට සතක්ද තිබුණේය.


එය පිට පිත්තල පේකඩයක් විය; එක එක පේකඩයේ උස පස්රියනක්ය, පේකඩය පිට වටකරින් දැල් වැඩක් සහ දෙළුම් ගෙඩිත් තිබුණේය, ඒ සියල්ල පිත්තලෙන්ය. දෙවෙනි කුළුනත් ඒ ආකාරව දෙළුම් සහිතව තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්