Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:16 - Sinhala New Revised Version

16 කුළුණු මුදුන් පිට තබන්නට ඔහු ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කර සෑදී ය. එක එක පේකඩයේ උස මීටර් දෙකයි දශම දෙකකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 කුලුණු මුදුන් පිට තබන්නට ඔහු ලෝකඩ පේකඩ දෙකක් වාත්තු කර සෑදී ය. එක එක පේකඩයේ උස මීටර් දෙකයි දශම දෙකකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 කුළුනු මුදුන් පිට තබන්ට ඔහු පිත්තල පේකඩ දෙකක් වාත්තුකර සෑදුවේය. එක පේකඩයක උස රියන් පහක්ය, අනික් පේකඩයේ උස රියන් පහක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:16
8 හුවමාරු යොමු  

ඉතිරි වූ රිදී කිලෝග්‍රෑම් තිහ කුළුණුවල කොකු සෑදීමටත්, කුළුණුවල පේකඩවල මුදුනේ ගෑමටත්, ඒවායේ පොලුවලටත් භාවිතා කරන ලදී.


ඒවාට කුළුණු හතරකි, ලෝකඩයෙන් පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර සෑදූ තවු හතරකි. ඒවායේ කොකු ද පේකඩ වැස්ම සහ පොලු ද රිදීයෙන් විය.


කුළුණුවල තවු ලෝකඩයෙනුත් ඒවායේ කොකු සහ පොලු ද ඒවායේ පේකඩ වැස්ම ද රිදීයෙනුත් විය. මළුවේ කුළුණු සියල්ල රිදී පොලුවලින් යා කරන ලදී.


මෙසේ ගොතා ඔහු කොකු සවි කළ කණු පහක් සාදා, ඒවායේ මුදුන් ද ඒවායේ පොලු ද රනින් ආලේප කෙළේ ය. එහෙත් එවායේ තවු පහ ලෝකඩයෙන් සාදන ලදී.


ඔහු ලෝකඩ කුළුණු දෙකක් වාත්තු කෙළේ ය. එක එක කුළුණේ උස මීටර් අටකි. එක එක කුළුණේ වට ප්‍රමාණය මීටර් පහයි දශම තුනකි.


කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවලට දැල් වැඩ ද දම්වැල් මාලා වැඩ ද තිබිණි. එක එක පේකඩයට ඒවා සතක් බැගින් තිබිණි.


එය මත ලෝකඩ පේකඩයක් විය. එක එක පේකඩය මීටර් දෙකයි දශම දෙකක් උස විය. පේකඩය වටේට දෙළුම් ගෙඩිවලින් සරසන ලද කැටයම් රාමුවක් තිබුණේ ය. ඒ සියල්ල කරන ලද්දේ ලෝකඩින් ය. දෙ වන කුළුණත් ඒ අයුරින් ම දෙළුම් ගෙඩිවලින් සරසන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්