සලමොන් ද තම පිය දාවිත් රජුගේ සිංහාසනය අරා හිඳගත්තේ ය. ඔහුගේ රාජ්‍යය ද ස්ථීර ලෙස පිහිටුවන ලදී.
1 රාජාවලිය 2:46 - Sinhala New Revised Version 2018 මෙසේ රජ තෙම ජෙහෝයාදාගේ පුත් බෙනායාට අණ කළ පසු, ඔහු පිටතට ගොස් ෂිමෙයිට පහර දී මැරුවේ ය. රජකම සලමොන් අත ස්ථීර විය. Sinhala New Revised Version මෙසේ රජ තෙම ජෙහෝයාදාගේ පුත් බෙනායාට අණ කළ පසු, ඔහු පිටතට ගොස් ෂිමෙයිට පහර දී මැරුවේ ය. රජකම සලමොන් අත ස්ථීර විය. Sinhala Revised Old Version මෙසේ රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාට අණකෙළේය; ඔහු පිටතට ගොස් ඔහුට ගසා මැරුවේය. මෙසේ රජකම සාලමොන් අතේ ස්ථිර විය. |
සලමොන් ද තම පිය දාවිත් රජුගේ සිංහාසනය අරා හිඳගත්තේ ය. ඔහුගේ රාජ්‍යය ද ස්ථීර ලෙස පිහිටුවන ලදී.
එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා ගොස් ඔහුට පහර දී, ඔහු මරාදැමූ පසු පාළුකරයෙහි තිබුණු ඔහුගේ ම ගෙයි ඔහු භූමදාන කරනු ලැබී ය.
එහෙත්, සලමොන් රජ තෙම ආශීර්වාද ලබන්නේ ය. දාවිත් රජුගේ සිංහාසනය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සදහට ම පිහිටුවනු ලබන්නේ ය”යි කීවේ ය.
දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක.
යුක්තියෙන් පාලනය කරන රජෙක් රටට චිරස්ථිතිය ගෙන දෙයි, එහෙත් වැසියන් පෙළා අයබදු ගන්නා රට වනසයි.