Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 2:12 - Sinhala New Revised Version 2018

12 සලමොන් ද තම පිය දාවිත් රජුගේ සිංහාසනය අරා හිඳගත්තේ ය. ඔහුගේ රාජ්‍යය ද ස්ථීර ලෙස පිහිටුවන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 සලමොන් ද තම පිය දාවිත් රජුගේ සිංහාසනය අරා හිඳගත්තේ ය. ඔහුගේ රාජ්‍යය ද ස්ථීර ලෙස පිහිටුවන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 සාලමොන් තමාගේ පියවූ දාවිත්ගේ සිංහාසනය පිට වැඩඋන්නේය; ඔහුගේ රජකමද බොහෝ සෙයින් ස්ථිරවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 2:12
13 හුවමාරු යොමු  

දාවිත්ගේ පුත් සලමොන් සිය රජකමෙහි ස්ථිර විය. ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු ඉතා උසස් කළ සේක.


නුඹේ පුත්‍රයෝ මාගේ ගිවිසුම ද මා ඔවුන්ට උගන්වන ශික්ෂා පද ද රක්ෂා කරන්නෝ නම්, ඔවුන්ගේ පුත්‍රයෝත් නුඹේ සිහසුන අරා සදාකල් හිඳගන්නෝ ය,”


තවද, සලමොන් රජ සිංහාසනය අරා හිඳින්නේ ය.


එබැවින් ඔබේ මෙහෙකරුවාගේ වංශය ඔබ ඉදිරියෙහි සදහට ම පවතින පිණිස ඊට ආශීර්වාද කරන්නට ඔබ කැමැති වන සේක් වා! මන්ද, දෙවි ස්වාමීන් වහන්ස, ඔබ එසේ වදාළ සේක. ඔබේ ආශීර්වාදය මඟින් ඔබේ මෙහෙකරුවාගේ වංශය සදහට ම ආශීර්වාද කරනු ලැබේ වා!”


මෙසේ රජ තෙම ජෙහෝයාදාගේ පුත් බෙනායාට අණ කළ පසු, ඔහු පිටතට ගොස් ෂිමෙයිට පහර දී මැරුවේ ය. රජකම සලමොන් අත ස්ථීර විය.


දාවිත් දිගායු වළඳා මහලු වූ විට තමාගේ පුත් සලමොන් ඉශ්රයෙල්වරුන්ගේ රජ කොට පත් කෙළේ ය.


ඔබ ගොස් දාවිත් රජු ළඟට පැමිණ, ඔහු අමතා, ‘මාගේ ස්වාමීන් වන රජතුමෙනි, සැබැවින් ම ඔබ පුත් සලමොන් මට පසු ව රජ වී ඔහු මාගේ සිහසුන අරා හිඳගන්නේ ය, කියා ඔබේ දාසී හට ඔබ දිවුරුම් දුන්නා නොවේ ද? එසේ නම්, අදොනියා රජ වී සිටින්නේ මන්දැ’යි ඔහුගෙන් අසන්න.


‘ඔබේ පුත් සලමොන් මට පසු ව රජ වී මා වෙනුවට මාගේ සිහසුන අරා හිඳින්නේ ය’යි ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා ඔබට දිවුරුම් දුන් ලෙස සැබැවින් ම අද දවසේ කරමි”යි දිවුළේ ය.


ඉන්පසු ඔහුට පිටුපසින් ඔබ ආ යුතු ය. ඔහු ද අවුත් මාගේ සිහසුන අරා හිඳගත යුතු ය. ඔහු මා වෙනුවට රජ වනු ඇත. ඔහු ඉශ්රායෙල්වරුන් ද ජුදාවරුන් ද කෙරෙහි අධිපතියා කොට පත් කෙළෙමි”යි කීවේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්