1 රාජාවලිය 2:25 - Sinhala New Revised Version 201825 මෙසේ කියා සලමොන් රජ ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවී ය. ඔහු අදොනියාට පහර දී මැරුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 මෙසේ කියා සලමොන් රජ ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවී ය. ඔහු අදොනියාට පහර දී මැරුවේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 සාලමොන් රජ යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා යැවීය; ඔහු ඔහුට ගසා මැරුවේය. පරිච්ඡේදය බලන්න |
ජෝවාබ් සමිඳාණන් වහන්සේගේ මණ්ඩපයට පලා ගිය බව ද ඔහු පූජාසනය ළඟ සිටින්නේ ය කියා ද සලමොන් රජුට දන්වන ලදී. ඔහු ද ජෝවාබ් වෙත පණිවුඩයක් යවමින්, “ඔබ කුමක් නිසා පූජාසනයට පලා ගියේ දැ”යි ඇසූ විට, “මම ඔබට බියෙන් සමිඳාණන් වහන්සේ වෙත පලා ගියෙමි”යි ජෝවාබ් උත්තර දුන්නේ ය. එවිට රජ තෙම, “ඔබ ගොස් ඔහු මරන්නැ”යි ජෙහෝයාදාගේ පුත් බෙනායා යැවී ය.