ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 18:10 - Sinhala New Revised Version 2018

ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා මිනිසුන් නොහැරිය ජාතියක් වත්, රාජ්‍යයක් වත් නැතැ යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි. ‘ඔහු මෙහි නැත’ කියා ඔවුන් කී කල, ඔබ ඔවුන්ට සම්බ නොවූ බවට ඔහු ඒ රාජ්‍යවලිනුත්, ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා මිනිසුන් නොහැරිය ජාතියක් වත්, රාජ්‍යයක් වත් නැතැ යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි. ‘ඔහු මෙහි නැත’ කියා ඔවුන් කී කල, ඔබ ඔවුන්ට සම්බ නොවූ බවට ඔහු ඒ රාජ්‍යවලිනුත්, ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම ඔබ සොයන පිණිස මාගේ ස්වාමියා විසින් මිනිසුන් නොහැරිය ජාතියක්වත් රාජ්‍යයක්වත් නැත. ඔහු මෙහි නැත කියා ඔවුන් කී කල ඔබ ඔවුන්ට සම්බනූණු බවට ඔහු ඒ රාජ්‍ය වලිනුත් ජාතීන්ගෙනුත් දිවුරුම් ගත්තේය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 18:10
20 හුවමාරු යොමු  

එවිට රජ තෙම කතා කොට, “සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදූ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන්,


ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.


එවිට ඈ කතා කොට, “බඳුනක පිටි මිටකුත්, කුලාවක තෙල් ටිකකුත් මිස මා ළඟ රොටි නැත. ඒවා සාදාගන්නට දර කෑලි දෙකක් අහුලමි. මටත්, මාගේ පුත්‍රයාටත් තිබෙන ඒ අන්තිම කෑම වේල අනුභව කළ පසු නහින්නෙමු යි ඔබේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවා ය.


ඔහු ගොස් සමිඳාණන් වහන්සේ වදාළ ලෙස කෙළේ ය. ඔහු ජොර්දාන් ගඟට නැගෙනහිරින් තිබෙන කෙරිත් ඔය ළඟ වාසය කෙළේ ය.


“නුඹ පිටත් වී සීදොන් අසල පිහිටි ශාරෙපත් නම් නගරයට ගොස් එහි වාසය කරන්න. නුඹට ආහාර දීමට එහි සිටින වැන්දඹු ස්ත්‍රියකට අණ කෙළෙමි”යි කීවේ ය.


එහෙත්, ‘එලියා මෙහි සිටිනු ඇතැ යි ගොස් ඔබේ ස්වාමියාට දන්වන්නැ’යි ඔබ කියන්නෙහි ය.


එලියා පිළිතුරු දෙමින්, “මම ඒකාන්තයෙන් ඔහු ඉදිරියෙහි පෙනී සිටින්නෙමි යි මා වැඳුම්පිදුම් කරන සියලු බලැති ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.


එවිට ඔහු මෙසේ කීවේ ය: “ඔබේ මෙහෙකරු වන මා මරන පිණිස ආහබ්ගේ අතට පාවා දීමට මම මොන පාපයක් කෙළෙම් ද?


මා රජකමෙහි පිහිටෙවු, මාගේ පියා වන දාවිත්ගේ සිංහාසනය අරා මා අසුන් ගැන්වූ, තමන් වහන්සේ පොරොන්දු වූ ලෙස මට වංශයක් උපදවා දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අදොනියා අද දවසෙහි මරනු ලබනු ඇත කියා දිවුරමි”යි කීවේ ය.


මීකායා ද කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මා දිවුරා කියන්නේ, උන් වහන්සේ මට කියන දේ ය”යි පැවසී ය.


අහංකාර පවිටු දනෝ දිළිඳුන් හට පීඩා කරති; එබැවින් තමන් අටවන උගුල්වල තුමූ ම අසුවෙති.


මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක.


පරමෝත්තමයාණන්ගේ රැකවරණයෙහි වසන තැනැත්තේ, සව් බලැති දෙවිඳුන්ගේ සරණෙහි සුරැකි වන්නේ ය.


එවිට අධිපතීහු කතා කරමින්, “ඔබ දෙදෙනා කොතැන සිටිත් ද කියා කිසිවෙකු දැන නොගන්න ලෙස ඔබත්, ජෙරමියාත් ගොස් සැඟවී සිටින්නැ”යි බාරුක්ට කීවෝ ය.


රජ වනාහි ලේකම් තැන වන බාරුක් සහ දිවැසිවරයා වන ජෙරමියා අල්ලාගෙන එන ලෙස රාජ පුත් ජෙරාමෙයෙල්ටත්, අශ්‍රීයෙල්ගේ පුත් සෙරායාටත්, අබ්දෙයෙල්ගේ පුත් ෂෙලෙමියාටත් අණ කෙළේ ය. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් සඟවා ලූ සේක.


ඔව්හු උන් වහන්සේට ගසන පිණිස ගල් අතට ගත්හ. එහෙත් ජේසුස් වහන්සේ රහසිගත ව, දේව මාලිගාවෙන් පිට වී ගිය සේක.


ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් තැන් බලා නිසැක ව ම දැනගෙන මා ළඟට නැවත එන්න. එවිට මම ඔබ සමඟ ගොස් ඔහු රටේ සිටිනවා නම්, ජුදාහි සිටින සියලු ගෝත්‍රයන් එකින් එක විමසා බලා ඔහු සොයාගන්නෙමි.”


එවිට ආකීෂ් දාවිත් කැඳවා ඔහුට කතා කොට, “ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් ම, ඔබ අවංක ව ම හැසුරුණු බව මම දිවුරා කියමි. ඔබ මා සමඟ අවුත් මේ යුද්ධයේ දී සටන් කරන්නෙහි නම් මම කැමැත්තෙමි. ඔබ මා ළඟට ආ දා පටන් අද දක්වා ඔබ අත කිසි වරදක් මට දක්නට ලැබුණේ නැත; එසේ වුවත් අධිපතීන් ඔබට කැමැති නැත.