ඉශ්රායෙල් රජු ද එහි මිදුම්කාරයාණන් ද වන සව් බලැති සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම ආරම්භයත්, අවසානයත් වන්නෙමි; මා හැර අන් දෙවි කෙනෙක් නැත.
1 යොහන් 5:20 - Sinhala New Revised Version 2018 තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥාව අපට දුන් බව අපි දනිමු. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ, එනම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක. Sinhala New Revised Version තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥාව අපට දුන් බව අපි දනිමු. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ, එනම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක. සිංහල කාලීන පරිවර්තනය තවද අප සත්‍යය වූ තැනැන්වහන්සේ දැනගන්නා පිණිස, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් මෙලොවට පැමිණ, අපට අවබෝධය දුන් වග ද අපි දනිමු. අප, සත්‍ය වූ තැනැන්වහන්සේ තුළ ය; උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ය; සත්‍ය වූ දෙවියන්වහන්සේ ද සදාතනික ජීවනය ද උන්වහන්සේ ය. Sinhala Revised Old Version තවද දෙවියන්වහන්සේගේ පුත්‍රයා ඇවිත් අප සැබෑවූ තැනන්වහන්සේව ඇඳිනගන්න ලෙස අපට තේරුම දී තිබෙන බව දනිමුව, සැබෑවූ තැනන්වහන්සේ තුළ, එනම් උන්වහන්සේගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ අපි සිටිමුව. සැබෑවූ දෙවියන්වහන්සේද සදාකාලවූ ජීවනයද මුන්වහන්සේමය. |
ඉශ්රායෙල් රජු ද එහි මිදුම්කාරයාණන් ද වන සව් බලැති සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම ආරම්භයත්, අවසානයත් වන්නෙමි; මා හැර අන් දෙවි කෙනෙක් නැත.
නුඹේ මැවුම්කාරයාණෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වන සේක. එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේ නුඹේ මිදුම්කාරයාණෝ ය. ‘මුළු පොළොවේ දෙවිඳාණෝ ය’යි එතුමන්ට කියනු ලබන්නේ ය.
අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.
එහෙත්, සමිඳාණෝ සැබෑ දෙවිඳාණෝ ය; ජීවමාන දෙවි තුමාණෝ ය; සදාකාල රජ තුමාණෝ ය. එතුමන්ගේ උදහසට පොළොව වෙවුළයි. එය දරන්නට හැකි ජාතියක් මිහි පිට නොවෙයි.
එතුමන්ගේ රජ දවස, ජුදා ගළවනු ලබන්නෝ ය. ඉශ්රායෙල්වරු සුරැකි ව වසන්නෝ ය. ‘අපේ දැහැමිතාව’ යන්නෙන් එතුමාණෝ නම් කරනු ලබන්නාහ.
උන් වහන්සේ මෙසේ උත්තර දුන් සේක: “ස්වර්ග රාජ්‍යය පිළිබඳ අබිරහස ඔබට දන්වා දී ඇත. එහෙත්, ඔවුන්ට එසේ දී නැත.
මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි.
කිසිවෙකු කවදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. පියාණන්ගේ ළයෙහි වැඩවසන, උන් වහන්සේගේ එක ම පුත්‍රයාණෝ ම උන් වහන්සේ ප්‍රකාශ කර වදාළ සේක.
ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.
ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “පිලිප්, මෙපමණ කලක් මා ඔබ සමඟ විසූ නමුදු, තවමත් ඔබ මා හඳුනන්නේ නැද් ද? මා දුටු තැනැත්තේ, පියාණන් වහන්සේ දුටුවේ ය. එසේ නම්, ‘පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවැ’යි ඔබ කියන්නේ කෙසේ ද?
මා තුළ සිටින්න, මම ද ඔබ තුළ සිටිමි. අත්ත මිදි වැලට යා වී නැත්නම් වෙන් ව පල දරන්නට ඊට නොහැකි සේ, ඔබ මා හා ඒකාබද්ධ නොවන්නහු නම්, පල දැරීමට ඔබට නොහැකි ය.
මම ඔවුන්ට ඔබගේ දහම දුනිමි. මා ලෝකයට අයිති නොවන සේ ම, ඔවුන් ද ලෝකයට අයිති නොවන බැවින්, ලෝකයා ඔවුන්ට ද්වේෂ කළහ.
“ධාර්මික පියාණෙනි, ලෝකයා ඔබ දැනගත්තේ නැත. එහෙත් මම ඔබ දැනගතිමි. තවද, ඔබ මා එවා වදාළ බව මොවුහු දනිති.
සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය.
ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “දෙවියන් වහන්සේ ඔබේ පියාණෝ නම් ඔබ මට ප්‍රේම කරනු ඇත. මන්ද, මම දෙවියන් වහන්සේ කෙරෙන් පහළ වී දැන් මෙහි සිටිමි. මාගේ ම කැමැත්තෙන් මා පැමිණියා නොව, උන් වහන්සේ මා එවා වදාළ සේක.
ඔබ තමන් ම ද, ශුද්ධාත්මයාණන් වහන්සේ විසින් ගබඩාකාරයෙක් ලෙස පත් කරනු ලැබ ඔබට භාර දී ඇති රැළ ද රැකබලාගන්න. දෙවියන් වහන්සේ සිය පුත්‍රයාණන්ගේ යාගික රුධිරය හේතුවෙන් දිනා ගත් උන් වහන්සේගේ සභාවේ නායකයන් වන්න.
ඔවුන් ජාතියේ පීතෘවරුන්ගේ පෙළපතට අයිති ය. මනුෂ්‍යයෙකු ලෙස ක්‍රිස්තුන් වහන්සේ උපන්නේත් එම පෙළපතෙහි ම ය. මුළු විශ්වයට අධිපති වූ දෙවියන් වහන්සේට සදහට ම ප්‍රශංසා වේ වා! ආමෙන්.
ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා ඒකාබද්ධ ව සිටින්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාවෙනි. ක්‍රිස්තුන් වහන්සේ අපගේ ප්‍රඥාව වන්නේත් දේව ක්‍රියාවෙන් ය. ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන අපි දමිටු කරනු ලැබ, උන් වහන්සේගේ සෙනඟ වී, නිදහස ලබා සිටිමු.
“අන්ධකාරයෙන් ආලෝකය නික්ම ඒවා”යි වදාළ එම දෙවියන් වහන්සේ ම, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ මුහුණෙහි දෙවියන් වහන්සේගේ තේජස දැනගැන්ම නමැති ආලෝකය, අපගේ සිත් තුළ බැබළෙවූ සේක.
එබැවින් යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුළ සිටී නම්, එතැන ඇත්තේ නව මැවිල්ලකි. පැරණි දේ පහ ව ගොස් ඇත. දැන් සියල්ල ම අලුත් වී තිබේ.
සියලු සැදැහැවතුන් සමඟ ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමයේ දිගත්, පළලත්, උසත්, ගැඹුරත් වටහා ගැනීමට ශක්තිය ලබා,
උන් වහන්සේ හා ඒකාබද්ධ වීමත් ය; ව්‍යවස්ථාවෙන් වන මාගේ ම දමිටුකම නොව, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇදහීම කරණකොටගෙන ඇදහිල්ල නිසා, දෙවියන් වහන්සේගෙන් වන දමිටුකම ලබාගැනීම ය.
අපේ ඇදහිල්ලේ අබිරහස නිසැක ව ම ගැඹුරු එකකි. ඒ අබිරහස මේ ය: උන් වහන්සේ මිනිසත්බව ගෙන, ආත්මයාණන් විසින් සහතික කරනු ලැබ, දූතයන්ට දිස් වූ සේක. විජාතීන්ට ප්‍රකාශ කරනු ලැබ, ලොව පුරා අදහාගනු ලැබ, මහිමයෙන් ඔසවනු ලැබූ සේක.
එහෙත් පුත්‍රයාණන් ගැන: “දෙවියන් වහන්ස, ඔබගේ සිංහාසනය සදහට ම පවත්නේ ය; ධර්මිෂ්ඨකමේ ජයකොන්තය ඔබගේ රාජ්‍යයේ ජයකොන්තය වේ.
යමෙක් පුත්‍රයාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් ප්‍රතික්ෂේප කරයි; යමෙක් පුත්‍රයාණන් වහන්සේ පිළිගන්නේ ද, ඔහු පියාණන් වහන්සේත් පිළිගන්නේ ය.
ඔබ මුල සිට ම ඇසූ දේ සිතෙහි නිදන් කරගන්න. මුල සිට ම ඔබ ඇසූ දේ ඔබ තුළ පවතී නම් ඔබ පුත්‍රයාණන් වහන්සේ තුළත්, පියාණන් වහන්සේ තුළත් ජීවමාන ව සිටින්නහු ය.
උන් වහන්සේ තුළ ජීවත් වන්නේ යයි කියන තැනැත්තා, ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වුණාක් මෙන් ජීවත් විය යුතු ය.
තවද, පියාණන් වහන්සේ තමන් පුත්‍රයාණන් ලෝකයාගේ ගැළවුම්කාරයාණන් වන පිණිස එවා වදාළ බව අපි දුටිමු. ඊට සාක්ෂි දරමු.
මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක.
ඔබ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ දැනගන්නේ මෙසේ ය: ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මිනිස්බව ගෙන වැඩම කළ බව ඒත්තු ගන්නාවූ සියලු දෙනා දෙවියන් වහන්සේගෙන් ය.
ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ බව අදහන කවරෙක් නමුත් දෙවියන් වහන්සේගේ දරුවෙකි. පිය කෙනෙකුට ප්‍රේම කරන්නා ඔහුගෙන් උපන් පුත්‍රයාටත් ප්‍රේම කරයි.
ඒ ඉල්ලීමට උන් වහන්සේ සවන් දෙන බව අපි දනිමු නම්, අප උන් වහන්සේගෙන් ඉල්ලන දේ අපට ලැබෙන බව අපි දනිමු.
දෙවියන් වහන්සේගෙන් උපත ලැබූ කිසිවෙකු පාපයෙහි නිරත ව නොසිටින බව අපි දනිමු. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ඔහු රක්ෂා කරන සේක. ඔහුට හානියක් කරන්නට නපුරාට බැරි ය.
ලෝකයෙන් ජයගත හැක්කේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යයි අදහන තැනැත්තාට මිස අන් කවරෙකුට ද?
ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.
එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අශ්වයෙක් සිටියේ ය. ‘විශ්වාසය’ ‘සත්‍යය’ යන නම් දරන තැනැන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන සේක; යුද්ධ කරන සේක.
“ලවෝදීසයේ සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘විශ්වාසවන්ත, සත්‍ය සාක්ෂිකාරයාණන් වන දෙවියන් වහන්සේගේ මැවිල්ලේ කර්තෘ වූ ආමෙන් නම් තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.
“පිලදෙල්පියා සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘ශුද්ධ වූ, සත්‍ය වූ, දාවිත්ගේ යතුර ඇත්තා වූ ද, කිසිවෙකු නොපියන ලෙස දොර අරින්නා වූ ද කිසිවෙකු නාරින ලෙස එය පියන්නා වූ ද තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක.
ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ”යි මහ හඬින් මොරගසා කී හ.