දෙවිඳුන් සොයා යාම1 මිහි පිට විනිසකරුවෙනි, දැහැමිකමට ප්‍රේම කරන්න. සමිඳුන් ගැන ඔබේ කල්පනා අවංකකමින් ප්‍රබෝධ වේ වා! අවංක සිතකින් එතුමන් සොයා යන්න. 2 එතුමන් පරීක්ෂා නොකරන අයට එතුමන් හමු වන බැවින් එතුමන් කෙරෙහි විශ්වාසය තබන අයට එතුමාණෝ එළිදරව් වන සේක. 3 එහෙත් ආත්මාර්ථකාමී අදහස් නිසා කෙනෙක් දෙවිඳුන්ගෙන් වෙන් වෙති. යමෙක් සව් බලැති තැනැන් වහන්සේ පරීක්ෂා කරන විට එතුමාණෝ ඒ අනුවණයන් වියවුල් කරන සේක. 4 ප්‍රඥාව කපටියෙකු තුළට කිසිදාක ඇතුළු නොවේ. පවට ණය ගැති වූවෙකු තුළ ද එය නොනවති යි. 5 උපදෙස් දෙන ශුද්ධාත්මය රැවටීම් හෙළා දකිනු ඇත. සාහසික අරමුණුවලින් එය ඈත් ව සිටියි. දුෂ්ටකම මතුවන විට එය විස්මිත වෙයි. ප්‍රඥාවේ අගය6 ප්‍රඥාව මිනිසාට මිත්‍රශීලි ආධ්‍යාත්මික වස්තුවකි. එහෙත් එය දේවාපහාසකරුවන්ගේ වචනවලට නිසි ප්‍රතිවිපාක දෙයි. මන්ද, දෙවිඳුන් යමෙකුගේ ඇතුළාන්තයට සාක්ෂි දරමින් දැක ඔහුගේ හද සැබැවින් ම පරීක්ෂා කර බලා ඔහුගේ කතාවට සවන් දෙන බැවිනි. 7 සැබැවින් ම සමිඳුන්ගේ ආත්මයාණන් මුළු ලොව පූර්ණ කරනු ඇත. මුළු ලොව සියල්ල ඒකාබද්ධ කරන එතුමාණෝ කියන ලද හැම වචනයක් ම දන්නා සේක. 8 අසාධාරණ වචන තෙපලන තැනැත්තා කිසිදාක අසු නොවී නොයනු ඇත. වරදට දඬුවම් දෙන දැහැමියාණන් ඔහු අත්හැර නොයනු ඇත. 9 අභක්තිවන්ත මිනිසාගේ සිතුම්පැතුම් සොයා බලනු ලැබේ. ඔහුගේ අපරාධවලට දඬුවම් දෙන පිණිස ඔහු කී දේ ගැන වාර්තාවක් සමිඳුන්ට ලැබෙනු ඇත. 10 සියල්ල ඇසෙන ඊර්ෂ්‍යාකාර කනක් ඇත. පැමිණිල්ලක් ගැන කෙඳිරීම පවා එයට ඇසේ. 11 එබැවින් නිකරුණේ පැමිණිලි කිරීමෙන් වළකින්න. වරද සෙවීම සඳහා කතාවට නොයන්න. ඉතා රහසිගත වචනයකින් පවා දෝංකාරයක් ඇති වේ. මුසා කීමෙන් කෙනෙකු මරාදැමිය හැකි ය. දැහැමි දිවිය අමරණීය ය12 වැරදි මඟ යාමෙන් මරණයට පත් නොවන්න. ඔබේ ම ක්‍රියාවලින් විනාශය ළඟා කර නොගන්න. 13 මරණය දෙවිඳුන්ගේ ක්‍රියාවක් නොවේ. ජීවමාන අය වනසාලීමෙන් එතුමාණෝ ප්‍රීති නොවන සේක. 14 එතුමාණන් සියල්ලක් මැව්වේ ජීවත් වන පිණිස ය. මිහි පිට මැවිලි සියල්ල යහපත් ය. ඒවා තුළ මාරක විෂ ගතියක් නැත. 15 මරණයට මිහිතලය කෙරෙහි බලයක් නැත. දැහැමිකම අමරණීය ය. අභක්තිකයාගේ ජීවිතය16 අභක්තිකයෝ තම ක්‍රියාවෙන් සහ වචනයෙන් මරණයට අයැදුම් කරති. මරණය මිතුරෙකු මෙන් සලකාගෙන එය සඳහා වෙහෙසෙති. මරණය සමඟ ගිවිසුමක් කොට ඔව්හු මරණයේ පංගුකාරයන් වීමට සුදුස්සෝ වෙති. අනුවණ ලෙස සිතාමතා ඔව්හු මෙසේ කියති; |