මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න සලමොන්ගේ ප්‍රඥාව 2 - Sinhala New Revised Version 20181 “අපේ ජීවිතය ලුහුඬු ය; දුකින් පිරී ඇත. මිනිසාගේ අන්තිමය ළඟා වන විට ඔහුට කිසි සහනයක් නැත. පාතාල ලෝකයෙන් මිදීම දීමට දන්නා කිසිවෙක් නැත. 2 අහම්බෙන් අපි උපත ලැබීමු. මේ ජීවිතයෙන් පසු අප කවදාවත් නොසිටියාක් මෙන් වනු ඇත. අපේ නාස් පුඩුවල හුස්ම දුම්රොදක් පමණි. අපේ ඥානය හදවතේ ස්පන්දනයෙන් නඟින ගිනි පුපුරක් පමණි. 3 මෙය නසාදැමූ විට අප ශරීරය අළුවලට හැරේ. ජීවන හුස්ම නිසල සුළඟ මෙන් පහ වී යනු ඇත. 4 කලක් යන විට අපේ නම අමතක වනු ඇත. අප කළ දේ කිසිවෙකුට මතක නැතිවනු ඇත. අපේ ජීවිතය වලාකුළු රොදක් මෙන් ගසාගෙන යනු ඇත. ඉරු එළියෙන් පහ වී යන ඉරු රශ්මියෙන් වැනසී යන මීදුම මෙන් එය දිය වී යනු ඇත. 5 එසේ ය, අපේ ජීවිත කාලය සෙවණැල්ලක් මෙන් පහ වී යනු ඇත. මරණින් පසු ආපසු හැරී ඒමක් නැත. අපේ ඉරණම වෙනස් කළ නොහැකි ය. අභක්තිකයන්ගේ අනුවණකම 6 එබැවින් එන්න, තිබෙන හොඳ හොඳ දෙයින් ප්‍රීති වෙමු. උද්යෝගයෙන් විනෝදකාමී තරුණයන් මෙන් අපි මේ ලොව භුක්ති විඳිමු. 7 ඉස්තරම් මිදිරසයෙන් ද සුවඳ විලවුන්වලින් ද තෘප්තිමත් වෙමු. වසන්තයේ එක මලක් වත් අමතක නොකර 8 ඒවා මලානික වීමට පෙර රෝසමලින් අපි ඔටුනු සාදාගනිමු. 9 අපගේ මධු පානෝත්සවයට සියල්ලෝ සහභාගි වෙත් වා! සැම තැන ම අපේ ප්‍රීති විනෝදයේ ලකුණු තබා යමු. අපගේ කොටස මෙය වේ. අපට පවරන ලද උරුමය මෙය වේ. දුප්පතාට දෙන දුක 10 දිළිඳු දැහැමි කෙනෙක් සිටිත් ද, අපි ඔහුට පීඩා කරමු. ඔහුගේ වැන්දඹුවට අනුකම්පා නොකරමු. ගරු නොකරමු. මහලු වියට හෝ දිගායු ලැබූ පැසුණු හිසට හෝ ගරු නොකරමු. 11 දුබලකම නිෂ්ඵල බැවින් අපේ ශක්තිය දැහැමිකම මනින මිම්ම වේ වා! 12 දැහැමියා අපට කරදර කරන බැවින් ද, අපේ ජීවිත ක්‍රමයට විරුද්ධ වන බැවින් ද, නීතිය කඩ කරන විට අපට දොස් පවරන බැවින් ද, අප ප්‍රගුණ කළ විනයට එරෙහි ව චෝදනා කරන බැවින් ද, අපි ඔහු එන තෙක් සැඟවී බලා සිටිමු. 13 දැහැමියා තමාට දෙවිඳුන් ගැන දැනීම ඇතැ යි පිළිගනී. ඔහු සමිඳුන්ගේ පුත්‍රයා යයි ද කියාගනියි. 14 ඔහු අපේ සිතුම්පැතුම්වලට එරෙහි ව සිටියි. එය අපේ සිතුම්පැතුම්වලට එරෙහි ව යන චෝදනාවකි. එවැන්නකුගේ මුහුණ දැකීම පවා අප සිතට වේදනාවකි. 15 ඔහුගේ ජීවිත මාර්ගය අන් අයගේ මෙන් නොවේ. ඔහු යන මඟ අපට නුපුරුදු ය. 16 ඔහුගේ මතය අනුව අපි හොර කාසි වැනි ය. කසළ ගොඩකින් ඈත් වන්නා සේ අප කරන දෙයින් ඔහු ඈත් වෙයි. දැහැමියාගේ අන්තිමය භාග්‍යවත් ය කියා ඔහු පවසයි. දෙවිඳුන් තම පියා යයි ඔහු පාරට්ටු කරගනියි. 17 ඔහු පවසන දේ ඇත්ත ද කියා බලමු. ඔහුට ලැබෙන අන්තිමය කුමන එකක් ද කියා සෝදිසි කරමු. 18 දැහැමියා දෙවිඳුන්ගේ පුත්‍රයා නම් දෙවිඳුන් ඔහුට පිහිට වී සතුරාගේ ග්රහණයෙන් ඔහු මුදනු ඇත. 19 ඔහුට කෲර ලෙස වද දී ඔහු පරීක්ෂා කරමු. මෙලෙස ඔහුගේ කුලුණු ගුණය සොයා බලමු. ඔහුගේ ඉවසීම පරීක්ෂා කර බලමු. 20 ඔහුට ගැළවීම ලැබේ යයි ඔහු කියා සිටින බැවින් ලජ්ජා සහිත මරණයකට ඔහු හෙළාදමමු. අභක්තිකයන්ගේ වැරදි මත 21 අභක්තිකයන් කල්පනා කරන පිළිවෙළ මෙසේ ය. එහෙත් ඔව්හු නොමඟ යන්නෝ ය. ඔවුන්ගේ දුෂ්ටකම නිසා ඔව්හු අඳුරේ සිටිති. 22 දෙවිඳුන්ගේ රහස් අරමුණු ඔව්හු නොදකිති. ශුද්ධවන්තකමට ලැබෙන විපාකය පිළිබඳ බලාපොරොත්තුවක් ඔවුන්ට නැත. නිදොස් අයට ලැබෙන විපාකය ගැන ඔව්හු නොදනිති. 23 එහෙත්, දෙවිඳාණෝ මිනිසා නොමැරෙනසුලු කෙනෙකු කළ සේක. සිය ස්වරූපයට ඔහු මවා වදාළ සේක. 24 ලොවට මරණය පැමිණියේ යක්ෂයාගේ ඊර්ෂ්‍යාවෙනි. ඔහුගේ හවුල්කාරයන් ද මෙය සොයාගනු ඇත. |