ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 රාජාවලිය 8:5 - Sinhala Revised Old Version

සාලමොන් රජද ඔහු වෙත රැස්ව සිටි මුළු ඉශ්‍රායෙල් සභාවද ගණින්ටවත් ගණන්කරන්ටවත් බැරිතරම් බැටළුවන් සහ ගවයින් පූජාකරමින් ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

සලමොන් රජ ද ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව ද ගණන් කරන්නට බැරි තරම් විශාල ගණනක් බැටළුවන් සහ ගවයන් පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

සලමොන් රජ ද ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව ද ගණන් කරන්නට බැරි තරම් විශාල ගණනක් බැටළුවන් සහ ගවයන් පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න



1 රාජාවලිය 8:5
6 හුවමාරු යොමු  

තවද ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය උසුලන්නන් අඩි හයක් ගිය කල ඔහු ගොනෙක්ද තර වස්සෙක්ද පූජාකෙළේය.


තවද යූදාහි පවත්වන මංගල්‍යය මෙන් යෙරොබොවම් අටවෙනි මාසයේ පසළොස්වෙනි දා මංගල්‍යයක් නියමකොට පූජාසනය පිට පූජා ඔප්පුකෙළේය; ඔහු බෙතෙල්හිදීත් එසේම කරමින් තමා සෑදූ වස්සන්ට පූජාකෙළේය. තමා සෑදූ උස් තැන්වල පූජකයන් ඔහු බෙතෙල්හි සිටෙවුවේය.


ඔව්හු දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනවුත් දාවිත් විසින් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ තබා, දවන පූජාවල්ද ශාන්ති පූජාවල්ද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකළෝය.


එහි සාලමොන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්මුඛවීමේ කූඩාරම ඉදිරිපිට තිබෙන පිත්තල පූජාසනය පිට දවන පූජාවල් දහසක් ඔප්පු කෙළේය.


සිව්පාවුන් කෙඳිරිගාන හැටි! ගව රැළවලට තෘණ නැති නිසා උන් කැලඹී ඇවිදිති; එසේය, බැටළු රැළවලුත් නාස්තිවුණෝය.