Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 8:4 - Sinhala Revised Old Version

4 තවද ඔව්හු ස්වාමීන්වහන්සේගේ පෙට්ටියද රැස්වීමේ කූඩාරමද කූඩාරමෙහි තිබුණු සියලු ශුද්ධ බඩුද ගෙනාවෝය; පූජකයෝ සහ ලෙවීවරු ඒවා ගෙනාවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 තවද, ඔව්හු කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද මණ්ඩපයෙහි තිබුණු සියලු ශුද්ධ බඩු ද ගෙනාවෝ‍ ය. මෙලෙස පූජකවරු සහ ලෙවීවරු ඒවා ගෙනාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 තවද, ඔව්හු කරඬුව ද සම්මුඛ මණ්ඩපය ද මණ්ඩපයෙහි තිබුණු සියලු ශුද්ධ බඩු ද ගෙනාවෝ‍ ය. මෙලෙස පූජකවරු සහ ලෙවීවරු ඒවා ගෙනාහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:4
5 හුවමාරු යොමු  

තවද දෙවියන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමීන්වහන්සේ ඕබෙද්-ඒදොම්ටත් ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාදකළසේකැයි දාවිත් රජුට දන්වන ලද්දේය. එවිට දාවිත් ගොස් දෙවියන්වහන්සේගේ පෙට්ටිය ඕබෙද්-ඒදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය.


ගිබියොන් ප්‍රධාන උස් තැනවූ බැවින් පූජා ඔප්පුකරන පිණිස රජ එතැනට ගියේය. දවන පූජා දහසක් සාලමොන් ඒ පූජාසනය පිට පුදකෙළේය.


ගිවිසුම් පෙට්ටිය පිහිටෙවුවායින් පසු ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ගීතිකා මෙහෙයට දාවිත් විසින් පත්කරනු ලැබුවෝ මොව්හුය.


ඉක්බිති සාලමොන්ද ඔහු සමඟ මුළු සභාවද ගිබියොන්හි තිබෙන උස්තැනට ගියෝය; මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් කාන්තාරයේදී සෑදූ දෙවියන්වහන්සේගේ සම්මුඛවීමේ කූඩාරම එහි තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්