Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 8:5 - Sinhala New Revised Version

5 සලමොන් රජ ද ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව ද ගණන් කරන්නට බැරි තරම් විශාල ගණනක් බැටළුවන් සහ ගවයන් පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 සලමොන් රජ ද ඔහු වෙත රැස් ව සිටි මුළු ඉශ්රායෙල් සභාව ද ගණන් කරන්නට බැරි තරම් විශාල ගණනක් බැටළුවන් සහ ගවයන් පූජා කරමින් ගිවිසුම් කරඬුව ඉදිරියෙහි සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 සාලමොන් රජද ඔහු වෙත රැස්ව සිටි මුළු ඉශ්‍රායෙල් සභාවද ගණින්ටවත් ගණන්කරන්ටවත් බැරිතරම් බැටළුවන් සහ ගවයින් පූජාකරමින් ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 8:5
6 හුවමාරු යොමු  

තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය.


ජුදාහි පවත්වන මංගල්‍යය මෙන් ජෙරොබෝවම් අට වන මාසයේ පසළොස් වන දින මංගල්‍යයක් නියම කොට පූජාසනය පිට පූජා ඔප්පු කෙළේ ය. ඔහු බෙතෙල්හිදීත් එසේ ම කරමින් තමා සෑදූ වස්සන්ට පූජා කෙළේ ය. ඔහු තමා සෑදූ ගිරිකුළු දේවාලවල පූජකයන් බෙතෙල්හි සිටෙවුවේ ය.


ඔවුහු දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනවුත්, දාවිත් ඒ සඳහා පිහිටුවා තිබුණු කූඩාරම තුළ එය තබා, දවන යාග පූජාවල් ද සහභාගිකමේ පූජාවල් ද දෙවියන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළෝ ය.


එහි සමිඳාණන් වහන්සේ අබිමුව සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට තිබෙන ලෝකඩ පූජාසනය පිට සලමොන් දවන යාග පූජා දහසක් ඔප්පු කෙළේ ය.


අනේ! සිවුපා සතුන් කෙඳිරිගාන හැටි! තණකොළ නැති බැවින් ගව රැළ කැළඹී ඇවිදිති; බැටළු රැළ පවා දුක් විඳිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්