උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි.
ක්‍රියා 17:11 - Sinhala Revised Old Version ඔව්හු තෙසලෝනිකයෙහි අයවලුන්ට වඩා උතුම් වූවෝය. මක්නිසාද ඔව්හු මේ කාරණා මෙසේදැයි දැනගන්නා පිණිස දවස්පතා ලියවිලි සොයමින්, සිතේ මුළු කැමැත්තෙන් වචනය පිළිගත්තෝය. Sinhala New Revised Version එහි සිටි අය තෙසලෝනිකයෙහි අයට වඩා උදාර ගතිගුණ ඇත්තෝ වූ හ. ඔව්හු කරුණු හරි හැටි දැන ගන්නා පිණිස, දවස්පතා ශුද්ධ ලියවිල්ල පිරික්සමින් මුළු සිතින් ධර්මය පිළිගත්හ. සිංහල කාලීන පරිවර්තනය බෙරියයෝ තෙසලෝනිකයින්ට වඩා මහත්මා ගති ඇත්තෝ වූහ. පණිවුඩය බලවත් ඕනෑකමින් පිළිගත් ඔවුහු පාවුල් කී දෑ සත්‍යදැයි බලන්නට දිනපතා ශුද්ධ ලියවිලි පිරික්සූහ. Sinhala New Revised Version 2018 එහි සිටි අය තෙසලෝනිකයෙහි අයට වඩා උදාර ගතිගුණ ඇත්තෝ වූ හ. ඔව්හු කරුණු හරි හැටි දැන ගන්නා පිණිස, දවස්පතා ශුද්ධ ලියවිල්ල පිරික්සමින් මුළු සිතින් ධර්මය පිළිගත්හ. |
උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි.
හිතෝපදේශයක් හා උපහැරණයක්ද ඥානවන්තයන්ගේ වචන හා ඔවුන්ගේ ගැඹුරු කීම්ද තේරුම්ගන්න හැටියට
ඥානවන්තයෙකුට ගුරුකම් දෙන්න, ඔහු වඩා ඥානවන්තවන්නේය. ධර්මිෂ්ඨයෙකුට උගන්වන්න, ඔහු ඉගෙනගැන්මෙහි දියුණුවන්නේය.
ස්වාමීන්වහන්සේගේ පොතෙන් සොයා කියවන්න. මුන්ගෙන් එකෙක්වත් අඩු නොවන්නේය, එකෙකුට එකෙක් සම්බ නොවී නොයන්නේය. මක්නිසාද එය අණකෙළේ උන්වහන්සේගේ මුඛයය, උන් රැස්කළෙත් උන්වහන්සේගේ ආත්මයය.
එහෙත් මා විසින් නුඹ හොඳ මිදිවැළක්ද මුළුමනින්ම හරිවූ බීජයක්ද කොට හිටවා තිබුණේය. එසේ වී නම් නුඹ වෙනස්වී මට වල් මිදිවැළක නරක්වූ පැළයක් වුණේ කොහොමද?
සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම් ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේයයි කීසේක.
අප අතරෙහි ඉෂ්ටවී තිබෙන කාරණා ගැන කථාවස්තුවක් රචනාකරන්ට බොහෝ දෙනෙකු විසින් පටන්ගෙන තිබෙන බැවින්,
නුමුත් ආබ්‍රහම්: මෝසෙස් සහ අනාගතවක්තෘවරු ඔවුන්ට සිටිති; ඔව්හු ඔවුන්ගේ වචන අසත්වයි කීවේය.
උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: මා ගැන මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහිද අනාගතවක්තෘවරුන්ගේ ලියවිලිවලද ගීතිකාවලද ලියනලද සියල්ල සම්පූර්ණ විය යුතුයයි මා නුඹලා සමඟ සිටියදීම නුඹලාට කී වචන මේයයි කීසේක.
නුමුත් සැබෑව කරන්නා තමාගේ ක්‍රියා දෙවියන්වහන්සේ තුළ කළ බව ප්‍රකාශවෙන පිණිස ආලෝකයට එන්නේයයි කීසේක.
ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි;
එහෙයින් එකෙණෙහිම නුඹට කියා යැවීමි; නුඹද ආ එක යහපත්ය. දැනුදු අපි සියල්ලෝ ස්වාමීන්වහන්සේ විසින් නුඹට අණකරනලද සියල්ල අසන පිණිස මෙහි දෙවියන්වහන්සේගේ ඇස් හමුවෙහි සිටිමුයයි කීවේය.
අන්‍යජාතීන් විසින්ද දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යුදෙයෙහි සිටියාවූ ප්‍රෙරිතයන්ටත් සහෝදරයන්ටත් ආරංචිවිය.
ඔව්හු අම්පිපොලිස හා අපොලෝනිය මැදින් ගොස් තෙසලෝනිකයට ආවෝය, එහි යුදෙව්වරුන්ගේ සිනගෝගයක් තිබුණේය.
එකල ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු ලැබුවෝය. ඒ දවසේදී තුන් දාහක් පමණ මනුෂ්‍යයෝ ඔවුන්ට එකතුකරනලද්දෝය.
රහස්වූ දේ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට අයිතිය. එහෙත් මේ ව්‍යවස්ථාවේ සියලු වචන අප විසින් පවත්වන පිණිස එළිදරව්කර තිබෙන දේ අපටත් අපේ දරුවන්ටත් සදාකාලයටම අයිතිය.
නුඹලාද බොහෝ පීඩාවෙන් යුක්තව ශුද්ධාත්මයාණන්ගේ ප්‍රීතියෙන් වචනය පිළිගැනීමෙන් අපද ස්වාමීන්වහන්සේද අනුවයන්නෝ වූහ.
එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.
විනාශවෙන්නවුන්ට අධර්මිෂ්ඨකමේ සියලු රැවටිලිවලින්ද යුක්තවේ; මක්නිසාද ගැළවෙන පිණිස ඔව්හු සැබෑකමට ප්‍රේමවීම පිළිනොගත්තෝය.
එහෙයින් සියලු කිලුටුකමද අධික දුෂ්ටකමද පහකොට, නුඹලාගේ ප්‍රාණ ගළවන්ට පුළුවන්වූ, පිහිටුවනලද වචනය මෘදුකමින් යුක්තව පිළිගන්න.