අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?
මනුෂ්‍යයාගේ දුෂ්ටකම පොළොවෙහි මහත් බවද ඔහුගේ සිතේ කල්පනාවල කවර අරමුණත් නිරන්තරයෙන් නපුරුවම තිබෙන බවද ස්වාමීන්වහන්සේ දුටුසේක.
ස්වාමීන්වහන්සේ මිහිරි සුවඳ සිඹ තමන්වහන්සේගේ සිත තුළ කථාකරමින්: මනුෂ්‍යයා නිසා භූමියට තවත් ශාප නොකරන්නෙමි; මක්නිසාද බාල වයසේ පටන් ඔහුගේ සිතේ කල්පනා නපුරුව තිබේ; තවද මා විසින් කළ ලෙස නැවත ජීවමාන සියල්ලන්ට තවත් පහර නොදෙන්නෙමි.
ඔවුන්ට අච්චුකරන්ට මාගේ කැමැත්තක් තිබේ; ඔවුන් තමුන්ගේ අපරාධ දෙකට බැඳී සිටින කල ජනයෝ ඔවුන්ට විරුද්ධව රැස්කරනු ලබන්නෝය.
ඉශ්‍රායෙල්ගේ පාපය වන ආවෙන්හි උස්තැන්ද නාස්තිවෙයි. කටු සහ ගොකටු ඔවුන්ගේ පූජාසනවල හටගන්නවා ඇත. ඔවුන්: අප වසාගන්නැයි කඳුවලටත්, අප පිටට වැටෙන්නැයි හෙල්වලටත් කියනවා ඇත.
ගිබියාහි හොරණෑවක්ද රාමාහි නළාවක්ද පිඹින්න. බෙත්-ආවෙන්හි ඝෝෂාකරන්න; අහෝ බෙන්යමින්, [සතුරා] නුඹ පස්සෙන්ය.
ගිබියාහි දවස්වලදී මෙන් ඔව්හු අධිකලෙස තමුන්ම දූෂ්‍යකරගත්තෝය. උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම සිහිකර, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක.
එවිට ගිබියා වැසියෝ මට විරුද්ධව නැගිට මා සිටි ගේ රාත්‍රියේ වටලාගත්තෝය; ඔව්හු මා මරන්ට සිතුවෝය, මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඈට බලාත්කාරකම් කළෝය.