ඔවුන්ට අච්චුකරන්ට මාගේ කැමැත්තක් තිබේ; ඔවුන් තමුන්ගේ අපරාධ දෙකට බැඳී සිටින කල ජනයෝ ඔවුන්ට විරුද්ධව රැස්කරනු ලබන්නෝය.
එවිට රජ මන්ත්‍රණයකොට රන් වස්සන් දෙන්නෙක් සාදවා: යෙරුසලමට නැගීයාම නුඹලාට අමාරු වැඩිය; ඉශ්‍රායෙල්වරුනි, නුඹලා මිසර දේශයෙන් ගෙනාවාවූ නුඹලාගේ දෙවිවරු මේයයි ඔවුන්ට කීවේය.
කුළුහරකා ලනුවකින් හීවිටේ බඳින්ට නුඹට පුළුවන්ද? නොහොත් ඌ නුඹ පස්සේ මිටියාවත් පෝරුගානවා ඇද්ද?
එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.
නුඹම මා අත්හැරියෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹ පස්සට ගියෙහිය. මමද මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට නුඹ විනාශකෙළෙමි; තැවීමෙන් වෙහෙසවී සිටිමි.
බලව, ඔවුන් අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝදෙනෙකු එවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඉන්පසු සියලු කඳුවලද සියලු හෙල්වලද පර්වත විවරවලද ඔවුන් දඩයම්කරන පිණිස බොහෝ දඩයක්කාරයන් එවන්නෙමි.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පවුරට පිටතින් නුඹලා වටලාගන සිටින බබිලෝනියේ රජුටත් කල්දිවරුන්ටත් විරුද්ධව යුද්ධකිරීමට ගන්නාවූ නුඹලාගේ අත්වල තිබෙන යුද්ධායුධ මම පස්සට හරවා, මේ නුවර මැදට ඔවුන් රැස්කරන්නෙමි.
නුඹ කෙරෙහි ආලයවුණ නුඹේ සියලු ප්‍රේමවන්තයන්ද නුඹ ප්‍රේමවුණ සියල්ලන්ද නුඹ වෛරකළ සියල්ලන්ද රැස්කරමි; මම ඔවුන් නුඹට විරුද්ධව වටේට රැස්කොට, ඔවුන් නුඹේ මුළු නිර්වස්ත්‍රකම දකින පිණිස නුඹේ නිර්වස්ත්‍රකම ඔවුන්ට ප්‍රකාශකරන්නෙමි.
මෙසේ මාගේ උදහස නුඹ කෙරෙන් නවත්වා, පසුව මාගේ ජ්වලිතය නුඹෙන් පහකොට, නිශ්චලව තවත් උදහස් නොවී සිටින්නෙමි.
එසේය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ඔවුන්ට විරුද්ධව සමුදාවක් පමුණුවා, පීඩාවිඳීමටත් කොල්ලකනු ලැබීමටත් ඔවුන් පාවාදෙන්නෙමි.
එබැවින් ඇගේ ප්‍රේමවන්තයන් වන, ඈ ආලයවුණාවූ අෂූර්වරුන් අතට ඈ පාවාදුනිමි.
මෙසේ මාගේ උදහස ඉෂ්ටවන්නේය, ඔවුන් කෙරෙහි මාගේ කෝපය සංසිඳුවා පළිගන්නෙමි. මා විසින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන විට ස්වාමිවූ මම මාගේ ජ්වලිතකමෙන් කථාකළ බව ඔවුන් දැනගන්නවා ඇත.
අහෝ ඉශ්‍රායෙල්, නුඹ ගිබියාහි දවස්වල පටන් පව්කෙළෙහිය. එහි ඔව්හු නැවතී සිටිති; දුෂ්ටකමේ පුත්‍රයන්ට විරුද්ධව පැමිණෙන යුද්ධයට ඔව්හු ගිබියාහිදී අසුනොවන්නෝද?
හුළඟ ඒකේ පියාපත්වලින් ඈ අසුකරගන ගියේය; එසේ ඔව්හු තමුන්ගේ පූජාවල් ගැන ලජ්ජාවන්නෝය.
එබැවින් සෙනඟට මෙන්ම පූජකයාටත් සිද්ධවෙයි. මම ඔවුන්ගේ මාර්ගවල හැටියට ඔවුන්ට දඬුවම්කර, ඔවුන්ගේ ක්‍රියා නිසා ඔවුන්ට ප්‍රතිඵල දෙන්නෙමි.
හොරණෑව නුඹේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.
එසේය. ඔවුන් ජාතීන් අතරෙන් ඔවුන් කුලියට ගන්න නුමුත්, මමත් ඔවුන් රැස්කරන්නෙමි; එවිට ඔව්හු රජුගේද අධිපතීන්ගේද බර නිසා පිරිහෙන්ට පටන්ගනිති.
රජ්ජුරුවෝ උදහස්වී, තමාගේ යුද්ධසේනාවන් යවා ඒ මිනීමරුවන් විනාශකොට, ඔවුන්ගේ නුවර ගිනිලැවුවේය.
තවද නුඹලාට යහපත කරන්ටත් නුඹලා වැඩිකරන්ටත් ස්වාමීන්වහන්සේ නුඹලා කෙරෙහි ප්‍රසන්නව සිටියාක් මෙන්, නුඹලා විනාශකොට නැතිකරන්ට ස්වාමීන්වහන්සේ ප්‍රසන්නවනසේක; නුඹ විසින් හිමිකරගැනීමට ඇතුල්වෙන දේශයෙන්ද නුඹලා උදුරාදමනු ලබන්නහුය.