ඇරත් දසයෙන් කොටස ලබන්නාවූ ලෙවී පවා ආබ්‍රහම් කරණකොටගෙන දසයෙන් කොටස ගෙවුවේයයි කිය හැකිය.
නුඹේ සතුරන් නුඹේ අතට පාවාදුන් මහෝත්තම දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවයි කීය. ආබ්‍රම්ද සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය.
මක්නිසාද ඉල්ලන්නාවූ සියල්ලන්ට ලැබේ; සොයන්නාට සම්බවේ; තට්ටුකරන්නාට දොර හරිනු ලැබේ.
එහෙයින් එක් මනුෂ්‍යයෙකු කර ණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය.
දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තුන්වෙනි අවුරුද්දේදී නුඹේ අස්වැන්නෙන් දසයෙන් කොටස් සියල්ලම නුඹ වෙන්කර තීන්දුකළ කල්හි, ලෙවීයයාද විදේශියාද පියා නැත්තාද වැන්දඹුවද නුඹේ නුවර දොරටු තුළදී කා තෘප්තියට පැමිණෙන පිණිස ඒවා ඔවුන්ට දී,
මක්නිසාද මෙල්කිසදෙක් ආබ්‍රහම්ට සම්මුඛවූ විට, ලෙවී තමාගේ පියාගේ කටියේ සිටියේය.
ඉතින් මොහු කොපමණ උතුම් කෙනෙක්ව සිටියේදැයි කල්පනාකරන්න.
නුමුත් මෙහිදී දසයෙන් කොටස ලබන්නෝ නසින්නාවූ මනුෂ්‍යයෝය; නුමුත් එහිදී ලබන්නේ ජීවත්වන බවට සාක්ෂි ලබන කෙනෙක්ය.