මක්නිසාද මෙල්කිසදෙක් ආබ්‍රහම්ට සම්මුඛවූ විට, ලෙවී තමාගේ පියාගේ කටියේ සිටියේය.
තවද දෙවියන්වහන්සේ ඔහුට කථාකොට: මම සර්වපරාක්‍රමවූ දෙවියන්වහන්සේය. සඵලවෙමින් වර්ධනය වෙන්න; නුඹෙන් ජාතියක්ද ජාති සමූහයක්ද ඇතිවන්නෝය, නුඹේ කටියෙන් රජවරු නික්මෙන්නෝය;
යාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර යාකොබ්ගේ කටියෙන් නික්මුණාවූ, ඔහු සමඟ මිසරයට පැමිණියාවූ සියල්ලෝ සැට සදෙනෙක්ය.
එසේවී නුමුත් නුඹ ඒ ගෘහය ගොඩ නොනගන්නෙහිය; නුඹේ කටියෙන් නික්මෙන නුඹේ පුත්‍රයාම මාගේ නාමයට ගෘහය ගොඩනගන්නේයයි කීසේක.
එලෙසම වෙන තැනක: නුඹ මෙල්කිසදෙක්ගේ පිළිවෙළ ප්‍රකාර සදාකල්ම පූජකයෙක්ව සිටින්නේයයි උන්වහන්සේ කියනසේක.
ඉඳින් ලෙවීගේ පූජකකමෙන් සම්පූර්ණකම පැමිණේ නම් (මක්නිසාද ඒ සම්බන්ධව සෙනඟ ව්‍යවස්ථාව ලැබුවෝය), ආරොන්ගේ පිළිවෙළේ හැටියට කියනු නොලැබ, මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට වෙන පූජකයෙක් නැගිටින්ට තවත් තිබුණු ඕනෑකම මොකද?
පියවූ ආබ්‍රහම් පවා කොල්ලගත් දේවලින් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. ලෙවීගේ පුත්‍රයන් අතරෙන් පූජක තනතුර ලබන්නෝ ව්‍යවස්ථාව ලෙස සෙනඟගෙන්–එනම්, ආබ්‍රහම්ගෙන් පැවත ආවාවූ තමුන්ගේ සහෝදරයන්ගෙන් පවා–දසයෙන් කොටසක් ගන්ට ආඥාවක් ලැබ සිටිති.
ඇරත් දසයෙන් කොටස ලබන්නාවූ ලෙවී පවා ආබ්‍රහම් කරණකොටගෙන දසයෙන් කොටස ගෙවුවේයයි කිය හැකිය.