Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ලූක් 22:11

Sinhala Revised Old Version

ගෙයි ස්වාමියාට කථාකොට: මා විසින් මාගේ ගෝලයන් සමඟ පාස්කුව කන්ට හැකිවූ ආගන්තුක ශාලාව කොතනද කියා ආචාරීන් අසනවායයි කියන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

යමෙක් නුඹලාට කිසිවක් කීවොත්: ස්වාමීන්වහන්සේට උන් ඕනෑ කෙරේයයි කියන්න; එවිට ඔහු එවලේම උන් එවන්නේයයි ඔවුන්ට කීසේක.

ඔහු පස්සේ ගොස්, ඔහු යම් ගෙදරකට ඇතුල්වන්නේද එහි ස්වාමියාට කථාකොට–මාගේ ගෝලයන් සමඟ මා විසින් පාස්කුව කන මාගේ ආගන්තුක ශාලාව කොතැන්හිදැයි ආචාරීන්වහන්සේ අසනසේකැයි කියන්න.

ඌ ලිහන්නේ මක්නිසාදැයි යමෙක් නුඹලාගෙන් ඇසුවොත්, ස්වාමීන්වහන්සේට ඌ ඕනෑයයි කියන්නැයි කීසේක.

ස්වාමීන්වහන්සේට ඌ ඕනෑයයි ඔව්හු කීවෝය.

යේසුස්වහන්සේ ඒ ස්ථානයට පැමිණ, උඩ බලා ඔහුට කථාකොට: සාකෙවුස්, වහාම බසින්න, මක්නිසාද අද නුඹේ ගෙදර මා නවතින්ට ඕනෑයයි ඔහුට කීසේක.

උන්වහන්සේ ඔවුන්ට කථාකොට: බලව, නුඹලා නුවරට ඇතුල්වූ විට, මනුෂ්‍යයෙක් පැන් කළයක් ගෙනයනවා නුඹලාට සම්බවන්නේය; ඔහු යන ගෙදරට ඔහු පස්සේ ගොස්,

සූදානම්කර තිබෙන මහත් උඩුමහලක් ඔහු නුඹලාට පෙන්වනවා ඇත. එහි පිළියෙළකරන්නැයි කීසේක.

ඈ මෙසේ කියා ගොස් ඇගේ සහෝදරීවූ මරියා රහසින් කැඳවා: ආචාරීන්වහන්සේ ඇවිත් නුඹට අඬගසනසේකැයි කීවාය.

මෙන්න, මම දොර ළඟ සිට තට්ටුකරමි, යමෙක් මාගේ හඬ අසා දොර ඇරියොත්, ඔහු වෙතට ඇතුල්ව, ඔහු සමඟ කෑම කන්නෙමි, ඔහුද මා සමඟ කන්නේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්