උන්වහන්සේ ඔවුන්ට කථාකොට: බලව, නුඹලා නුවරට ඇතුල්වූ විට, මනුෂ්‍යයෙක් පැන් කළයක් ගෙනයනවා නුඹලාට සම්බවන්නේය; ඔහු යන ගෙදරට ඔහු පස්සේ ගොස්,
කටට ඇතුල්වෙන දෙයින් මනුෂ්‍යයා අපවිත්‍රවෙනවා නොව, මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ කටින් පිටවෙන දෙයින්යයි කීසේක.
ගෙයි ස්වාමියාට කථාකොට: මා විසින් මාගේ ගෝලයන් සමඟ පාස්කුව කන්ට හැකිවූ ආගන්තුක ශාලාව කොතනද කියා ආචාරීන් අසනවායයි කියන්න.
කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමතිසේක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.
තවද මා විසින් මේ දේවල් නුඹලාට කීවේ ඒවායේ කාලය පැමිණි කල මා ඒවා කී බව නුඹලාට මතක්වෙන පිණිසය. මේ දේවල් පටන්ගැන්මේ සිට නුඹලාට නොකීවේ මා නුඹලා සමඟ සිටි නිසාය.