[එවිට සියල්ලෝම තම තමුන්ගේ ගෙවලට ගියෝය. යේසුස්වහන්සේ ඔලීව කන්දට ගියසේක. නුඹ අපගේ පියාවූ ආබ්‍රහම්ට වඩා උතුම් කෙනෙක්ද? ඔහු මළේය; අනාගතවක්තෘවරුද මළෝය. නුඹ කවරෙක කියා කියාගන්නෙහිදැයි කීවෝය.
මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය; ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.
නුමුත් නුඹලාට කියමි: දේවමාළිගාවට වඩා උතුම්වූ කෙනෙක් මෙහි සිටියි.
මක්නිසාද මේ ගල්වලින් ආබ්‍රහම්ට දරුවන් උපදවා දෙන්ට දෙවියන්වහන්සේට පුළුවනැයි නුඹලාට කියමි.
යුදෙව්වරු උන්වහන්සේට උත්තරදෙමින්: අප නුඹට ගල්ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව දේව අපහාසය නිසාය; මනුෂ්‍යයෙක්වූ නුඹ දෙවියන්වහන්සේ වෙන්ට සාදන නිසායයි කීවෝය.
එබැවින් සමූහයා උන්වහන්සේට උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ සදාකල් සිටිනසේකැයි අපි ව්‍යවස්ථාවෙන් ඇසීමුව. එසේවී නම්–මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතුයයි ඔබ කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුදැයි කීවෝය.
යුදෙව්වරු ඔහුට උත්තරදෙමින්: අපට ව්‍යවස්ථාවක් තිබේ, තමාම දෙවියන්වහන්සේගේ පුත්‍රයායයි ඔහු කී බැවින්, ඒ ව්‍යවස්ථාවේ හැටියට ඔහු මරනු ලැබිය යුතුයයි කීවෝය.
ළිඳ අපට දුන් අපේ පියවූ යාකොබ්ට වඩා ඔබ උතුම්ද? ඔහුද ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ සිවුපාවෝද මෙයින් බීවෝයයි උන්වහන්සේට කීවාය.
එබැවින් උන්වහන්සේ සබත් කඩකළා පමණක් නොව, දෙවියන්වහන්සේ තමන්ගේම පියාණෝයයි කියමින්, තමන් දෙවියන්වහන්සේ හා සමාන කරගත් නිසා, යුදෙව්වරු උන්වහන්සේ මරන්ට වඩ වඩා සෙවුවෝය.
යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: සැබවක් සැබවක් නුඹලාට කියමි–ආබ්‍රහම් උපදින්ට පළමුවෙන් මම සිටිමියි කීසේක.
පියවරුද ඔවුන්ගේය, මාංසාකාරයෙන් ක්‍රිස්තුස්වහන්සේ පැමුණුණෙත් ඔවුන්ගෙන්ය; උන්වහන්සේ සියල්ලන්ටම උතුම්වූ සදාකාල ආශීර්වාදලත් දෙවියන්වහන්සේය. ආමෙන්.