ඔව්හු උත්තරදෙමින්: නුඹත් ගලීලයෙන්ද? ගලීලයෙන් අනාගතවක්තෘ කෙනෙක් නොනැගිටින බව සොයා බලන්නැයි ඔහුට කීවෝය.
එවිට ඔව්හු: අහකට යන්න, මේකා නැවතී සිටින්ට ඇවිත් විනිශ්චයකාරයෙක් වෙන්ට හදයි. දැන් ඔවුන්ට වඩා තදබලව තට ක්‍රියාකරන්නෙමුයයි කීවෝය. ඔව්හුද: ඒ මනුෂ්‍යයා, එනම්, ලොත් තදින් තෙරපා දොර බිඳින පිණිස ළංවූවෝය.
එවිට කෙනානාගේ පුත්‍රවූ ශෙදෙකිය ළංවී මීකායාගේ කන්මුලට ගසා: ස්වාමීන්වහන්සේගේ ආත්මය නුඹට කථාකරන්ට මා කෙරෙන් ගියේ කොයි මාර්ගයෙන්දැයි ඇසුවේය.
එවිට හෙතෙම අප කෙරෙහි අධිපතියෙක්ද විනිශ්චයකාරයෙක්ද කොට නුඹ පත්කළේ කවුද? නුඹ මිසරයා මැරුවාක් මෙන් මාත් මරන්ට සිතන්නෙහිදැයි කීය. එවිට මෝසෙස් භයව: සැබවින්ම මේ කාරණය එළදරව්වී තිබේයයි කීවේය.
නතානියෙල්ද: නාසරෙත් නුවරින් යම් යහපතක් එන්ට පුළුවන්දැයි ඔහුට කීවේය. ඇවිත් බලන්නැයි පිලිප් ඔහුට කීවේය.
ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි;
අන් සමහරෙක්: මුන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි කීවෝය. එහෙත් සමහරෙක්: කිමෙක්ද, ක්‍රිස්තුස්වහන්සේ ගලීලයෙන් එනසේක්ද?
ඔව්හු උත්තරදෙමින්: සියලු ආකාරයෙන් පාපවල උපන් නුඹ අපට උගන්වනවාදැයි කියා ඔහු අහක්කළෝය.