උන්වහන්සේට කථාකොට: ආචාරිනි, මේ ස්ත්‍රී කාමමිථ‍්‍යාචාරය කරද්දීම අල්ලනලද්දීය.
අන් මනුෂ්‍යයෙකුගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් එනම් තමාගේ අසල්වාසියාගේ භාර්යාව සමඟ කාමමිථ්‍යාචාරය කරන්නෙක් ඇද්ද එසේ කරන්නාද කරන්නීද සැබවින් මරනු ලැබිය යුතුය.
ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාවූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඈ අත්හරින්ට සිතුවේය.
එවිට කාමමිථ්‍යාචාරය කරද්දී අසුවූ ස්ත්‍රියෙක් ලියන්නන් හා ඵරිසිවරුන් විසින් ගෙනැවිත් මැද සිටුවා,
මෙබඳු අය ගල්ගසා මරන්ට මෝසෙස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අණකර තිබේ. නුමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දැයි ඔව්හු උන්වහන්සේගෙන් ඇසුවෝය.
පුරුෂයෙකුට සරණපාවාදී සිටින ස්ත්‍රියෙක් සමඟ මනුෂ්‍යයෙක් සයනය කරනවා සම්බවුණොත් ස්ත්‍රිය සමඟ සයනයකළ මනුෂ්‍යයාත් ස්ත්‍රීන් දෙදෙනාම මරනු ලබන්නෝය. මෙසේ නුඹ ඉශ්‍රායෙල් කෙරෙන් දුෂ්ටකම පහකරන්න.
එවිට ඇගේ පුරුෂයා කරුණාවෙන් කථාකොට නැවත ඈ ගෙනෙන පිණිස තමාගේ වැඩකාරයාද කොටළුවන් දෙන්නෙක්ද සමඟ ඈ කරා ගියේය. ඈ තමාගේ පියාගේ ගෙට ඔහු කැඳවා ගෙනාවාය. යෞවනියගේ පියා ඔහු දැක ඔහු සම්බවුණාට ප්‍රීතිවිය.