Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොහන් 8:3

Sinhala Revised Old Version

එවිට කාමමිථ්‍යාචාරය කරද්දී අසුවූ ස්ත්‍රියෙක් ලියන්නන් හා ඵරිසිවරුන් විසින් ගෙනැවිත් මැද සිටුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

පතීවතාව කඩකරන්නාවූ ලේ වගුරුවන්නාවූ තැනැත්තියන් විනිශ්චයකරන්නාක්මෙන් මම නුඹ විනිශ්චය කොට, උදහස හා ජ්වලිත ලේ නුඹ පිටට පමුණුවන්නෙමි.

එබැවින් කාමමිථ්‍යාචාරික ස්ත්‍රීන් විනිශ්චයකරන ප්‍රකාරයටත් ලේ වගුරුවන ස්ත්‍රීන් විනිශ්චයකරන ප්‍රකාරයටත් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෝ ඔවුන් විනිශ්චයකරන්නෝය. මක්නිසාද ඔව්හු කාමමිථ්‍යාචාරික ස්ත්‍රියෝය, ලේ ඔවුන්ගේ අත්වල ඇත්තේය.

එසේ ඔහු දර එකතුකරනවා දුටු අය මෝසෙස් හා ආරොන්ද මුළු සභාවද වෙතට ඔහු ගෙනාවෝය.

එකල ඔහු සියලු නායක පූජකයන්ද සෙනඟගේ ලියන්නන්ද රැස්කරවා, ක්‍රිස්තුන්වහන්සේ කොතැන්හි උපදිනසේක්දැයි ඔවුන්ගෙන් විචාළේය.

උන්වහන්සේ අලුයම දේවමාළිගාවට නැවත ආසේක, මුළු සෙනඟ උන්වහන්සේ ළඟට පැමිණියෝය; උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට ඉගැන්වූසේක.

උන්වහන්සේට කථාකොට: ආචාරිනි, මේ ස්ත්‍රී කාමමිථ‍්‍යාචාරය කරද්දීම අල්ලනලද්දීය.

ඔව්හු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස්වහන්සේ පමණක් එහි සිටිසේක, ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය.

පළමු අන්ධව සිටි තැනැත්තා ඔව්හු ඵරිසිවරුන් ළඟට ගෙනගියෝය.

නුඹලා මේක කළේ මොන බලයෙන්ද නොහොත් මොන නාමයෙන්දැයි විචාළෝය.

පුරුෂයා ජීවත්ව සිටියදී ඈ අන් පුරුෂයෙකුට බැඳුණොත්, ඈ කාමමිථ්‍යාචාරිනීයයි කියනු ලබන්නීය. නුමුත් පුරුෂයා මැරුණු පසු ඈ අන් කෙනෙකුට බැඳුණත්, ඈ කාමමිථ්‍යාචාරිනියක් නොවන ලෙස ඒ ව්‍යවස්ථාවෙන් නිදහස්ව සිටින්නීය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්