Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොහන් 18:27

Sinhala Revised Old Version

එවිට පේතෘස් නැවතත්: නැතැයි කීවේය. එකෙණෙහිම කුකුළා හඬලීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

යේසුස් වහන්සේද: සැබවක් නුඹට කියමි–අද රාත්‍රියේ කුකුළා හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියි ඔහුට කීසේක.

යේසුස්වහන්සේද: සැබවක් නුඹට කියමි–අද, මේ රාත්‍රියේම. කුකුළා දෙවරක් හඬලන්ට පළමුවෙන් නුඹ මා අඳුනන්නේ නැත කියා තුන් වරක් කියන්නෙහියයි ඔහුට කීසේක.

නුමුත් ඔහු: නැත, නුඹ කියන දේ මා දන්නේවත් මට තේරෙන්නේවත් නැතැයි කියා පිට ශාලාවට ගියේය; එවිට කුකුළා හඬලීය. ඒ තරුණී ඔහු දැක:

උන්වහන්සේද: පේතෘස්, නුඹට කියමි–නුඹ මා අඳුනන්නේ නැත කියා තුන්වරක් කියන තුරු, අද කුකුළා අඬලන්නේ නැතැයි කීසේක.

නැත, ස්ත්‍රිය, මම ඔහු නාඳුනමියි ඔහු කීවේය.

යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹ මා නිසා නුඹේ ජීවිතය දෙන්නෙහිද? සැබැවක් සැබැවක් නුඹට කියමි–නුඹ මා නාඳුනමියි තුන්වරක් කියන තෙක් කුකුළා හඬලන්නේ නැතැයි කීසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්