Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



යොහන් 18:26

Sinhala Revised Old Version

උත්තම පූජකයාගේ දාසයන්ගෙන් එක්කෙනෙක්වූ, පේතෘස් විසින් කන කැපූ තැනැත්තාගේ නෑයෙක් කථාකොට: නුඹ ඔහු සමඟ උයනේ සිටිනවා මම නුදුටිම්දැයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

7 හුවමාරු යොමු  

සැබෑව කියන තොල සදහටම ස්ථිරව පවතියි; එහෙත් බොරු කියන දිව මොහොතකට පමණක්ය.

ස්වල්ප වේලාවකට පසු එතැන සිටි අය ඇවිත්: සැබෑවටම නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්ය; ඒ බව නුඹේ කථාවෙන්ම ප්‍රකාශයයි පේතෘස්ට කීවෝය.

ස්වල්ප වේලාවකට පසු වෙන කෙනෙක් ඔහු දැක: නුඹත් ඔවුන්ගෙන් එක්කෙනෙක්යයි කීවේය. පේතෘස්ද: මනුෂ්‍යය, මම එසේ නොවෙමියි කීවේය.

යේසුස්වහන්සේ මේ වචන කියා නිමවූ කල තමන් ගෝලයන් සමඟ කිද්‍රොන් නම් ඔයෙන් එගොඩට ගියසේක; එහි තිබුණු උයනකට උන්වහන්සේ තමන් ගෝලයන් සමඟ ඇතුල්වූසේක.

එවිට සීමොන් පේතෘස්ට කඩුවක් තිබුණෙන්, ඔහු ඒක ඇද, උත්තම පූජකයාගේ දාසයාට ගසා, ඔහුගේ දකුණු කන කපාදැමීය. ඒ දාසයාගේ නම මල්කස්ය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්