ඒ මරියා නම් ස්වාමීන්වහන්සේට සුවඳ තෙල් ආලේප කොට ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැමූ තැනැත්තීය, රෝගීව සිටි ලාසරුස් ඇගේ සහෝදරයාය.
උන්වහන්සේ බෙතානියෙහි කුෂ්ඨ රෝගීවු සීමොන්ගේ ගෙයි කෑමට ඉඳගෙන ඉඳද්දී ස්ත්‍රියෙක් ඉතා අනර්ඝවූ ජටාමාංස තෙලින් පිරූ සුදුගල් කරඬුවක් ගෙනැවිත්, ඒ කරඬුව බිඳ, උන්වහන්සේගේ හිසේ වත්කළාය.
ස්වාමීන්වහන්සේ ඈ දුටු කල ඈ කෙරෙහි අනුකම්පාකොට: අඬන්ට එපායයි ඈට කීසේක.
එවිට යොහන් තමාගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු කැඳවා: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙන කෙනෙකු බලා සිටිය යුතුද කියා අසන්ට ස්වාමීන්වහන්සේ වෙතට ඔවුන් යැවීය.
එසේ හෙයින් මාර්තා යේසුස්වහන්සේට කියන්නී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම් මාගේ සහෝදරයා නොමැරෙයි.
එබැවින් ඔහුගේ සහෝදරියෝ: ස්වාමිනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යැවුවෝය.
එබැවින් මරියා යේසුස්වහන්සේ සිටි තැනට ඇවිත්, උන්වහන්සේ දැක, උන්වහන්සේගේ පාමුල වැටී: ස්වාමීනි, ඔබ මෙහි සිටිසේක් නම්, මාගේ සහෝදරයා මැරෙන්නේ නැතැයි උන්වහන්සේට කීවාය.
එවිට මරියා ඉතා අනර්ඝ ජටාමාංස තෙල් රාත්තලක් රැගෙන යේසුස්වහන්සේගේ පාද ආලේපකොට, ඇගේ හිසකේවලින් උන්වහන්සේගේ පාද පිසදැම්මාය. තෙලේ සුවඳින් ගේ පිරුණේය.
ආචාරිනි, ස්වාමීනි කියා නුඹලා මට කියහුය. නුඹලා කියනවා හරිය; මක්නිසාද මම එසේ වෙමි.
ඉඳින් ස්වාමිද ආචාර්යද වූ මම නුඹලාගේ පාද සේදීම් නම් නුඹලා විසිනුත් එකිනෙකාගේ පාද සේදිය යුතුය.