මරියාගේද ඇගේ සහෝදරීවූ මාර්තාගේද ගමවූ බෙතානියෙහි ලාසරුස් නම් එක්තරා මනුෂ්‍යයෙක් රෝගීව සිටියේය.
මේ කාරණාවලට පසු: ඔබගේ පියාණෝ ලෙඩින් ඉන්නාහයි යෝසෙප්ට කියන ලද්දේය. ඔහු තමාගේ පුත්‍රයන් දෙදෙනාවූ මනස්සේ සහ එප්‍රායිම් තමා සමඟ ගෙනගියේය.
උන්වහන්සේ ඔවුන් අත්හැර නුවරින් පිටත්ව බෙතානියට ගොස්, එහි සිටිසේක.
ඔවුන් යෙරුසලමට ළංව, ඔලීව කන්දට නුදුරුවූ බෙත්පාගයටද බෙතානියටද පැමිණි කල, උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ගෙන් දෙදෙනෙකු යවමින්:
උන්වහන්සේ මෙසේ කියා, පසුව: අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමියි ඔවුන්ට කීසේක.
බෙතානිය යෙරුසලමට කිට්ටුව හැතැප්ම දෙකක් පමණ දුරව තිබුණේය;
යුදෙව්වරුන්ගෙන් බොහෝ දෙනෙක්ද මාර්තා සහ මරියා ඔවුන්ගේ සහෝදරයා ගැන සනසන පිණිස ඇවිත් සිටියෝය.
එබැවින් ඔහුගේ සහෝදරියෝ: ස්වාමිනි, ඔබවහන්සේ ආදරේව සිටින තැනැත්තා රෝගීව සිටීයයි උන්වහන්සේට කියා යැවුවෝය.
එබැවින් උන්වහන්සේ ලාසරුස් සොහොන්ගෙයින් පිටතට කැඳවා මළවුන්ගෙන් නැගිටෙවු කල උන්වහන්සේ සමඟ සිටියාවූ සමූහයා සාක්ෂි දැරුවෝය.
එකල යුදෙව්වරුන්ගෙන් මහත් සමූහයක් උන්වහන්සේ එහි සිටිනසේකැයි දැන, යේසුස්වහන්සේ නිසා පමණක් නොව උන්වහන්සේ විසින් මළවුන්ගෙන් නැගුටුවනලද ලාසරුස් දකින පිණිස ආවෝය.
තවද ඒ දවස්වල ඈ රෝගීව මළාය. ඔව්හු ඈ නාවා, උඩුමහලක තැබුවෝය.