Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



මාක් 7:36

Sinhala Revised Old Version

ඒ බව කාටවත් නොකියන්ට උන්වහන්සේ ඔවුන්ට අණ දුන්සේක. නුමුත් උන්වහන්සේ යම් පමණ අණකළසේක්ද ඔව්හු එපමණටත් වඩා බොහෝසෙයින් එය ප්‍රසිද්ධ කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ කථාකොට: කාටවත් නොකියන්ට බලාගන්න; නුමුත් ඔවුන්ට සාක්ෂි පිණිස ගොස් පූජකයාට පෙනී, මෝසෙස් විසින් අණකළ පඬුර ඔප්පුකරන්නැයි ඔහුට කීසේක.

තමන් ප්‍රසිද්ධ නොකරන ලෙස උන්වහන්සේ බොහෝසේ ඔවුන්ට අණකළසේක.

උන්වහන්සේ මෙය කිසිවෙකු දැන නොගන්නා ලෙස ඔවුන්ට තදින් අණකොට, ඈට කෑම දෙන්ට කීසේක.

එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම් මිදී ඔහු පැහැදිලි ලෙස කථාකෙළේය.

තවද ඔව්හු අප්‍රමාණලෙස මවිතව: උන්වහන්සේ සියල්ල යහපත්ලෙස කළසේක. උන්වහන්සේ බිහිරන්ට පවා ඇසෙන්ටත් ගොළුවන්ට කථාකරන්ටත් සලස්වනසේකැයි කීවෝය.

උන්වහන්සේද: ගමට ඇතුල්වෙන්ටවත් එපාය කියා ඔහුගේ ගෙදරට ඔහු හැරියසේක.

ඔවුන් කන්දෙන් බසින කල, මනුෂ්‍ය පුත්‍රයා මළවුන්ගෙන් නැගිටින තුරු ඔවුන් දුටුදේ කාටවත් නොකියන ලෙස උන්වහන්සේ ඔවුන්ට අණකළසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්