එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම් මිදී ඔහු පැහැදිලි ලෙස කථාකෙළේය.
මක්නිසාද උන්වහන්සේ කථාකළ පමණින් ඉෂ්ටවිය; ආඥාකළ පමණින් ස්ථිරවිය.
අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.
ඔහු නැගිට එකෙණෙහිම යහන රැගෙන සියල්ලන් ඉදිරියෙහි පිටත්ව ගියේය; ඒ නිසා සියල්ලෝම විස්මපත්වී: මෙබඳු දෙයක් කවදාවත් නුදුටිමුව කියා දෙවියන්වහන්සේට ප්‍රශංසා කළෝය.
ස්වර්ගය දෙස බලා, සුසුම්ලා: එප්ඵාතා, එනම් ඇරේවයි ඔහුට කීසේක.
ඒ බව කාටවත් නොකියන්ට උන්වහන්සේ ඔවුන්ට අණ දුන්සේක. නුමුත් උන්වහන්සේ යම් පමණ අණකළසේක්ද ඔව්හු එපමණටත් වඩා බොහෝසෙයින් එය ප්‍රසිද්ධ කළෝය.