පිලාත් නැවත කථාකොට: නුඹ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් නුඹට කොපමණ වරද තබනවාද කියා බලන්නැයි උන්වහන්සේට කීයේය.
එවිට උත්තම පූජකයා නැගිට සිට: නුඹ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් නුඹට විරුද්ධව කියන මේ සාක්ෂිය මොකදැයි උන්වහන්සේට කීවේය.
එවිට පිලාත් කථාකොට: මොව්හු නුඹට විරුද්ධව කොපමණ කාරණා ගැන සාක්ෂි කියන්නෝද කියා ඇසෙන්නේ නැද්දැයි කීවේය.
නායක පූජකයෝ බොහෝ දේ ගැන උන්වහන්සේට වරද තැබුවෝය.
නුමුත් යේසුස්වහන්සේ තවත් කිසි උත්තරයක් නුදුන්සේක; එහෙයින් පිලාත් මවිතවිය.
නුඹ මට කථාකරන්නේ නැද්ද? නුඹ මුදාහරින්ට බලයද නුඹ කුරුසියෙහි ඇණගසන්ට බලයද මට ඇති බව නුඹ දන්නේ නැද්දැයි පිලාත් උන්වහන්සේට කීවේය.