Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



මාක් 15:3

Sinhala Revised Old Version

නායක පූජකයෝ බොහෝ දේ ගැන උන්වහන්සේට වරද තැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

එසේය, මම නොඇසෙන්නාවූ, තමාගේ මුඛයෙහි තරවටුකිරීම් නැත්තාවූ මනුෂ්‍යයෙකු මෙන් වෙමි.

උන්වහන්සේට පීඩාකළ විට, උන්වහන්සේ යටත්වී තමන්ගේ මුඛය නෑර සිටිසේක; මරන්ට ගෙනයන බැටළු පැටවකු මෙන්ද බැටළු දෙනක් ලෝම කපන්නන් ඉදිරියෙහි නිශ්ශබ්දව සිටින්නාක්මෙන්ද උන්වහන්සේ තමන් මුඛය නෑර සිටිසේක.

නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද උන්වහන්සේට වරද තැබූ විට උන්වහන්සේ කිසි උත්තරයක් දුන්නේ නැත.

නුඹ යුදෙව්වරුන්ගේ රජදැයි පිලාත් උන්වහන්සේගෙන් ඇසුවේය. උන්වහන්සේ උත්තරදෙමින්: නුඹ කියන්නෙහියයි ඔහුට කීසේක.

පිලාත් නැවත කථාකොට: නුඹ කිසි උත්තරයක් දෙන්නේ නැද්ද? මොවුන් නුඹට කොපමණ වරද තබනවාද කියා බලන්නැයි උන්වහන්සේට කීයේය.

නුමුත් යේසුස්වහන්සේ තවත් කිසි උත්තරයක් නුදුන්සේක; එහෙයින් පිලාත් මවිතවිය.

ඒ කීම නිසා පිලාත් උන්වහන්සේ නිදහස්කරන්ට සෙවීය. නුමුත් යුදෙව්වරු මොරගසමින්: ඔබ මොහු නිදහස්කර හැරියොත්, කායිසර්ගේ මිත්‍රයෙක් නොවේය. තමාම රජෙකු කරගන්න කවුරු නුමුත් කායිසර්ට විරුද්ධව කථාකෙරේයයි කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්